එක පන්තියෙ  අපි

එක පන්තියෙ අපි

අරුණ ශ්‍රී එදිරිසිංහ පන්නිපිටිය

ගමේ ගොඩේ අහල පහළ දිවි ගමනෙදි අපි නෑදෑකම් ඇයි හොඳයිය ලං කරගත් අපි නැතිබැරි කම් අග හිඟ කම් පිරිවැරුවත් අපි බෙදා හදාගෙන සතුටින් කඳුළු බිව්ව අපි ඉරිසියාව තරහ මරහ තිබු පුහුදුන් අපි පෝයදාට පන්සලේදි බණ පද ඇසු අපි ජීවිතයේ අනියත බව දහමෙන් දුටු අපි හිනහ වෙලා එකිනෙකාට උදව් වුනා අපි වෙල් නියරේ ඉපනැල්ලේ පලා නෙළුව අපි කැලේ තිබුණු බටු තිබ්බොටු නෙළා ගත්ත අපි තුඹ කරවිල බටු කරවිල තිත්ත නොදුටු අපි ජීවිතයේ පැණි රස තැන් සොයා ගියා අපි හේනෙ කුඹුරෙ අත්කම් වැඩ ඇඟට දැනුනු අපි තනි අයිතියෙ පොදු අයිතිය රසය වින්ද අපි එකිනෙකාව එකිනෙකාට නැතිවම බැරි අපි පොල් අතු වහලේ සමගිය හෙවිල්ලුවා අපි යල මහ කන්නට සීතල සළුව ඇන්ද අපි තුන් හීයට පොද වැස්සේ නඟුලෙ රැදුන අපි බන්ඩි ගොයම කිරි වැදෙනා සිහින දුටුව අපි ගොයම් කොලේ වී බිස්සේ කාටුව විඳි අපි ඇළේ දොළේ ගංගාවේ වැව් සිහිලේ අපි දිය දහරේ පෙණ බුබුලේ තාල දුටුව අපි මිහිරියාව ගී පදවල නිදන් කෙරුව අපි නව පරපුර සිහින ලොවින් එළියට ගත් අපි අපේ කාලේ තිබූ පැතුම් දැන් නොදකින අපි රුපියල් සත මිරිඟු දියට රැවටුනෙ නැති අපි හරි දේ හරියට දකිනා අයත් සමඟ අපි වැල යන පැති සොයා මැස්ස ගැහැව්වෙ නැති අපි නින්දාවෙන් අවමානෙන් උපහාසෙන් අපි සැලුනේ නෑ සැලෙන්නෙ නෑ එහෙම තමයි අපි දනින් වැටී ජිවිතයෙන් සමුගැන්නැති අපි මරණය ජීවත් කරවා උරුමෙ රකින අපි ලොබ කමත් මසුරු කමත් පදම දුටුව අපි අද ඇති අය හෙට නැති අය වෙනස දුටුව අපි දෙන්න ඕන දේ දුන්නේ ගන්න නෙමෙයි අපි මිය යන විට සියල්ල හැරදා යන්නෙත් අපි යන්න ඕන තැන පඩිපෙළ දිගේ නගින අපි නගින බහින හැම දෙනාට අත දෙනවා අපි පහළ ඉහළ කොහි සිටියත් මිනිසුන් නේ අපි අමතක නොකරන්න සබඳ එක පංතියෙ අපි
කවිය බලන්න