ව්‍යධිවේදී ප්රෑට් දොස්තර නෝනාට

ව්‍යධිවේදී ප්රෑට් දොස්තර නෝනාට

ආචාර්ය පාලිත ගනේවත්ත ඔස්ට්‍රේලියාව

ව්‍යධිවේදී ප්රෑට් දොස්තර නෝනාට - ඇමෙරිකානු කවියකු වූ රේමන්ඩ් කාවර් ( Remond Carver ) ගේ Poem for Pathologist lady Pathologist කවියේ අනුවාදය සිහිනෙන් දුටිමි රෑ පෙරදින -පුජකතුමකු පැමිණි මා වෙත ඇට පෑදුණු මගේ සුදුමැලි දෑත් - ඔහුගේ සුදු දෑතින්ම ගෙන මුදු ගතිය පෑ ඔහු - බිය නොගන්වයි මා හද දැළක් මෙන් ඇඟිලි ඇති - මැකෝමික් පුජක මෙන් සැන්දෑ කල ආවෝය -ගෙබිම අමදින්නෝ තෙත කොහු හා-රසායනික දියර ගෙන මා නොදැක්කා සේ ය- ඔසප්වීම් ගැන දොඩන්නේ ඇදෙයි එහාටත් මෙහාටත් මගේ ලෙඩ ඇඳ වැළඳ ගති යන්ට පෙර ඔවුනොවුන් පිරේ මගෙ කාමරය කොළවලින් සෙමෙන් දනවමින් බිය මා හදට විවර විය ජනේලය - ගලා එයි හිරු එළිය හඬකි යාබද කාමරයෙන් - ඇඳක් කිරි කිරි ගාන බරට දෙදෙනෙකුගේ -සංවාසයේ යෙදෙන ඇසෙයි උගුර පාදන -මිනිසකු ගේ හඬ - විවර වී ජල කරාම පිටත -දැනේ මට හිස් බවක් පෙනේ කොළ පැහැ මේසයක්- පාවී යන ජනේලයෙන් පිටත අනුරුවක් මගේ හදවතේ - තබා මේසය මත සොයයි ඇය ස්නේහය- සුමුදු ඇඟිලිවලින් නොනැවතෙන සිතිවිලි -ජනිත වෙයි මා සිරුර තුළ දිගු කලක් ඈත පෙරදිග - විකුම් පා අනතුරුව ප්‍රේමයෙන් මුසපත්ය -මා මේ දෑතට සීතලය මගේ හද - සිතන්නට බැරි තරම් 27/09/23
කවිය බලන්න