'ඇය' ගේ මරණ පරීක්ෂණය

'ඇය' ගේ මරණ පරීක්ෂණය

මධුෂානි ඩයස්

රැළි ගැහුණු සමින් වැසි - කිරි එරී ගිය ළමැදය, එල්ලා වැටුණ කුසයේ- පරණ සීසර් එකක ලකුණුය, පපුවට උඩින් හරියටම - ගැඹුරු නොගැඹුරු කැළලිය, ගිලුණු ඇස්වල තවමත් - එළියට නො ආ කඳුළුය.. උදරය පලා බැලු සඳ - එක පමණටම මිශ්‍රව, දංකුඩ බත් ය කඳුළුය - ළසෝ ගින්නෙන් රත් කළ, වකුගඩු පිරී ඇත්තෙම - නොපෙරී ඉතිරි පිරිපත, දොස් පරොස් පිරිපහදු කළ - අක්මාව ඉදිමී ඇත.. ඇට කැබලි මටසිළුටු මුත් - ඇට මිදුළු හරි ඝනකම, තදින් අල්ලා බැලු විට - බරය එහි දරු ස්නේහය, පෙනහලු පිරී සුසුමන් - පිටව යන්නට බැරිව සිර වුණ, තව එක් වරක් පැටවුන් - සිඹිනට නොලද හින්දම.. අවසනට හදවත - ගෙන බලමි එය බොහො බර, ගලක් මෙන් දැඩි මුත් පිට - හරිම මෙළෙකයි ඇතුළත, වැඩිය නොපෙනෙන කෙළවරක - පැල්මක් ය සවිවර, අහෝ මරණයට හේතුව - නිසැකවම ළය පැලීමය...!!!
කවිය බලන්න