අම්මාට......

අම්මාට......

මාලා විජේකෝන් උතුරු කැලිෆොර්නියාව

ගෙවී යන මතකයේ බොහෝ රිදවුම් ඇතත් සුවෙන් හිඳිනෙමු ඉතින්, ඇති නිසාවෙන් හෙටක් දිගු කලක් ගත වුණත් නැතිව කිසි තොරතුරක් බුදින විට දිව බොජුන් මතක් වෙනවද අපිත් කලට වැසි වැටෙන මුත් ඉඩෝරයකුත් ඒවි දැනට නැති ලෙඩ රෝග පසු කලෙක වැලඳේවි දුක ළඟම සැප සේම සැප, දුකට පෙරලේවි ඔබ නැතිව ගෙවන මේ දවස් තව දිගු වේවි සිල් සුවඳ තවම එයි බණ පොතේ පිටු තුළින් පිච්ච වැල පිරෙනවා හිනාවෙන සුදු මලින් බොඳවෙලා හැම දේම බලා හිඳ ඇස් වලින් ඇවිත් යන්නට එන්න නිවන් යන්නට කලින් උතුරු කැලිෆෝනියාව
කවිය බලන්න