ඉසිඹු නොලත් මහැදුරු

ඉසිඹු නොලත් මහැදුරු

කේ.පී.එස් සචින්ත්‍රා හෝමාගම

සුරවිරු පුතෙකි විදුදය සරසවි මවට පැහැසර විදා සාහිත සිනමා ලොවට නොමසුරු මෙහෙය නිජබිම වෙත පිදු බවට හරසර කලා විරුදාවලි ලද රුවට සඳ එළියක් ම වී සුනිමල ගී ගඟට බඳ දදවැල් ම සම්මානෙන් නිති පුදට ලද සුරුකම් ම උපතින් ඔහු - අපෙ පිනට නද දී යශෝ නොමියෙයි ඒ නම හෙටට යසි'සුරු රිදී තිරයට දියතින් දුන්නේ කළ සරු රසික හදවත සැනසිලි ලන්නේ නැණසුරු දෙනෙත මෙ'බිමට නැහැ ණය වෙන්නේ මහැදුරුතුමනි කවදද ඉසිඹුව ගන්නේ ( ජූලි 28 වන දිනට ජන්ම දිනය යෙදෙන මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට උපහාර පිණිස ය) කේ.පී.එස් සචින්ත්‍රා , හෝමාගම , ඉතිහාසය විශේෂවේදී , රුහුණ විශ්වවිද්‍යාලය .
කවිය බලන්න