ගැහැණිය..

ගැහැණිය..

චමිලා නවගත්තේගම ලන්ඩනය

ගැහැණිය ගෙදර හැමතැන අගු පිලට වෙලා දුක් කම්කටොළු මැද ඈ දිවියත් පුදම කලා දරුවන් ගැනම හිත හිත ඇය කඳුළු සලා ඉවසයි නිතර ගෙරවුම් හැම ලගදි හෙලා පතිනිය වෙලා ආ දවසෙම ඇය ගෙදරට සිර කාරී සඳ තරු නැතත් වතු පිටි වල පිපී මල් වැනි හැඩ කාරී වැහි කළු බරව ආ දවසට විසදුම් දුන් මුල් කාරී සිහියට නැගෙනවද අදවත් ඈ අපගෙ පිං කාරී සෙනෙහස නැතත් ගැහැනිය සැප දිවිය කරා කාලය ගෙවයි මහපොළවත් ඔළුවෙ දරා ඇහුවත් එදා බෝසත් කවි සිහියෙ නුරා ඉන්නවා අදත් බොහො අය වැනි යශෝදරා
කවිය බලන්න