ප්‍රේමය නම්

ප්‍රේමය නම්

නිශාන්ත කමලදාස

ප්‍රේමය නම් කිමැයි කියා පෙම් නොකළ අය විමසිය යුතු ඒ ගැන අපමණ විස්තර පොත පත උපුටා දක්වා උන් ඔබ හට කියාවි ප්‍රේමය නම් කිමැයි කියා පෙමට අර අඳින අය විමසිය යුතු නෙක වර්ණයෙන් අහස් තලයේ රූ රටා හැඩ තල මවමින් උන් එය සිත්තම් කරාවි ප්‍රේමය නම් කිමැයි පෙමින් පැරදී අඩන අය විමසිය යුතු ටිප්පණි ටීකා සහිතව කවි පද ගී පද බඳිමින් උන් ඒ ගැන කියාවි ප්‍රේමය නම් කිමැයි කියා ප්‍රේමවන්තයන්ගෙන් නම් කිසිදා නොඇසිය යුතු ගොළුවී තුරුළුව සිටිනු විනා උන් දන්නා වෙන වදන් වැලක් නැති
කවිය බලන්න