මැනුම් පිරිමැදුම්

මැනුම් පිරිමැදුම්

සචී ජයවර්ධන

මේ හෝරාවයි ආදරේ හෙලන්නට ඉම් නැති වෙලේ පිපෙන්නට හිරි තව ළයේ පෙලන හිනැහෙන හති වැටී උතුරන ප්‍රේමානයේ උත්කර්ෂයයි මේ... මිහිරැතිම ප්‍රිය සුසුම කන් පෙත්තෙ අමුණන්න හෙමි හෙමින් වැගිරෙන්න හිත දෙන්න කිමිදෙන්න අහ්ලාදයේ වරුව ළපැත්තට තවරන්න ගුලි වේවි පෙණ පිඩුව මත මත්ව මිරිකෙන්න හතිලන්න ඉඩ තිබ්බ පපු කුහර මත් වෙච්ච හඳුන් සුව හීත පිරි සානුවක පිච්චෙන්න පීරිලන හදගැස්ම ශ්වේත ඔපෙරාවක්ව වෙලා ගමි පලා යමි තව තදව ඇබ්බැහිව
කවිය බලන්න