කතර ඇස් දල්වාන බලන් ඉන්නවා.

කතර ඇස් දල්වාන බලන් ඉන්නවා.

සුනීතා පෙරේරා ලන්ඩනය

සදා නියඟයකින් පෙඵන කතරකට හිරිපොද වැස්සක් වැටෙන ලකුණු පෙනෙනකොට.... ඒ කතරට ඇතිවෙන හැඟිම....... ඒ හිරිපොද, කතරට වැටෙනකොට. එක එක පොද ආශාවෙන්, ආදරෙන් උරාගන්න කතර ඇස් දල්වාන බලන් ඉන්නවා. ඒ පොදවලින් දාහය නිවාගෙන , කතර ගස් වැල් දඵ මල් දාල හැඩ වෙන හැටි බලන්න ඒ ලස්සනින් සදහටම කතර සරසගන්න කතර සිහින මවනවා.... ඒත්.....කතර ඒ සිහින මවන සිහිල් පොද වැස්ස කවදාකවත් කතරට නොවැටෙන වගත් එයද , කතර දකින තවත්මිරිඟුවක් විය හැකි බවත් කතර තේරැමි ගන්නවා නමි...
කවිය බලන්න