කිසිවකුත් නැති පෝලිම

කිසිවකුත් නැති පෝලිම

ගී පද රචිකාවී සමන්මලි සේනානායක එක්සත් රාජධානිය

බුදුන් වදිනා මලුත් පුදනා පිරිස් පිරිලා පන්සලේ සාදු නාදෙට කොඩිත් සැලෙනා පෙනේ ඈතින් කොඩි වැලේ බෝ පතින් එන මදනලින් සිසිලසයි මලුවත් හැම වෙලේ මතු බුදුන් ලග නිවන් පතලා කරයි පින් රැස් පන්සලේ නැගේ පැනයක් මගේ සිත තුල නිතර අසනා හැම වෙලේ බුදුන් දෙසුවද ඉන්න කියලා නිවන් දක්නට මතු බවේ වැරදි තැනකින් අල්ලගෙන දැන් කැරකෙනවදෝ මේ බවේ දෙසනවද අප සමිදුනේ අද පොසොන් පෝ සද සිසිලසේ කරන පින්කම් නිමක් නම් නැත පොසොන් පෝදා ගම වටේ යකඩ කටකින් ඇසෙයි නම්ගම් නිවන් යන අය මතු බවේ දිගයි පෝලිම නිවන් යන්නට පෙරුම් පුරනා අය අපේ කිසිවකුත් නැති පෝලිමක් ඇත නිවන් යන අය මේ බවේ
කවිය බලන්න