කටේ හයිය

කටේ හයිය

ගුණසේකර හිරිපිටිය

කොණ්ඩය මා නොබැන්දාට පිච්ච මලේ සුද ගැහුණට හිසකෙස් හිස පිරිල තියෙනවා... පාට - පාට නොදැම්මාට දිගු වරලස කොට කලාට මගෙ ලස්සන තව ම තියෙනවා...! උපැස් යුවල පැළඳුවාට මං කලිසං නොඇන්දාට ගවුමට තව ලස්සන වෙනවා... අඩි උස මිරිවැඩි ඇන්දට වත්සුණු මං නොගෑවාට ලස්සන මගෙ නොමැකි තියෙනවා...! දෑත - දෙපා වෙව්ලුවාට වේගය මගෙ අඩු වුණාට පත - පොත ගැන හුඟක් දන්නවා... ඇස කඳුළෙන් බොඳ වුණාට අතැඟිලි අවනත නූනට මුතු ඇට වගෙ අකුරු ලියවෙනවා වයස අසූ පහ පැන්නට ගත හැම රැළි - රැලි ගැහුනට ඇඟේ පාට තවම තියෙනවා කන ඇහෙන්නෙ නැති වුනාට වැටි - වැටි එහෙ මෙහෙ ගියාට කටේ හයිය හොඳට තියෙනවා ..... මගෙ කටේ හයිය හොඳට තියෙනවා
කවිය බලන්න