කෙටි කවි සතරක්

කෙටි කවි සතරක්

කපිල කුමාර කාලිංග

උදෑසනක් ---------------- වෙහෙස පත් මුහුණු ඇති රොබෝ මිනිසුන් උදෑසනම බස් නැවතුමෙහි කඳු සිරස ---------------- පැරද යයි මොහොතකින් මිහිදුම යළි හිනැහෙයි කඳු සිරස සිහින ----------- රෑ දුටු සිහින දිවා කල ද මා සමඟ ම සුබ අසුබ ---------------- සුබ මොහොතින් එක් වූ ඇය පලා ගොසිනි රාහු කාලයේ දී හමු වූ ඇය තවම මා සමඟ 2023/04/25
කවිය බලන්න