කුරුල්ලා උයනෙන් නික්මුණි.

කුරුල්ලා උයනෙන් නික්මුණි.

කෞශල්‍යා ජයලත්

තුරු ලතා පවා සොවිනී ගොළු වූ රැයෙක මරණී ගෙන මියුරු ගීයක් තුඩිනී කුරුලු කොළුවෙක් පැමිණී සත් ස්වර ම ගැයිය හැකි නොදනී ළදරු විහඟුන් පුදුම කරවමිනී මිහිරි තනු අතිරමණී උගැන්වී කොළුවා පෙමිනී ඉරි තැළි උගුරු මී තවරමිනී බිය සැක අතැර වැරෙනී මිනිස් සත් සමුදුර ම එක් හඬිනී ගැයී මුවදොර සිඳු ගොස ද පරදමිනී නඳුන් උයන ම නොමැවුණි නමුත් නපුරන් දොරින් නික්මුණි ඇත ද ඉතිරිව නියඟලා කුරුමිණි එළවනා යතුර ද ඔබ සතු කුරුලු දරුවනි පියැඹුම නතර කරමිනි උයනක නිදා ගනිමිනි තුටු විය නොහැකි බැව් කියමිනි කුරුල්ලා උයනෙන් නික්මුණි නික්මුණ අයුර සොයමිනි රොක්වෙනු කිම ද මිනිසුනි කඳු හෙල් නිම්න ළඳු දෙණි පුරා පැතිරූ පෙමට දෙමු මිණි නිලඹර කළෙන් තරණී සැරිසර නොවී මරණී තරුවක්වතර දුර ඈත මන්දාකිණී අපටත් එවයි කිරණී -------------------------------------------------------------- ආදරේ අරගලයේ පළමු ගිනි පුපුර දැල්වූ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න සොහොයුරා පොළොව මත තම වැඩ කොටස නිම කර 2023-04-18 දින මෙලොවින් සමුගත්තේ ය.
කවිය බලන්න