ආරාධනා!

ආරාධනා!

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

අඩක් කුඹුකොට නිමල දෑසින් හිස නොසොල්වා වැදී දැහැනක බවුන් වඩනෙ ද පෙරුම්පිරුමට සාර අසංගික කල්ප ගණනක්... අනේ බුදුහිමි සානුකම්පිත කුරාකුහුඹුවෙකුටත් පිතු සිත පුබුදුවා ඔබෙ දයා යුග නෙත දකිනු මැන යළි ලොවේ සත් වත... කෙළෙහි ගුණ-දම් කුමට කියමි ද මිනිස් ගුණ-දම් බැමි ලිහී අද මග-තොටක,ගම-නගරයක වෙ ද කොහේ වුව අමිනිස්කමයි රද... දූ-පුතුන් දුරු දිගුව ගමනක මා-පියන් උන් පසුපසින් නැත අයාලේ යන දිවි හබල නැති ඔරුව වාගෙයි දිය පහර මැද... පසක් කරවනු දිවි හරයෙ හැඩ සිතක වෙ ද තරමට සැකයි වැඩ මංමුළා වී ඇතැයි දිවි අද - කඩ තුරාවෙන් වසාගෙන ඉඩ... පියා-දියණිය නොහදුනන්නේ මව-පුතුගෙ කරදර වසන්නේ අසල්වැසි ප්‍රේමය පතන්නේ පියා-මව අන් සැප සොයන්නේ... අහෝ! කෝ කොහි සිල්ප-පද-පහ මහෝගය වෙ ද අරි-අටග-මග ඔබ බුදුන් පුත් දෙසති බුදුබණ අසන කිසිවකු ඇති ද මිහිපිට... වෙසග එළැඹෙන වෙසක් මාසේ වෙසක් මල් සුපිපී මියෙන්නේ සමාධිය හැර යළිත් බුදු වනු මැනවි හිමියනි උතුම් මෙදිනේ!!! ***
කවිය බලන්න