ජාන විකෘතියක්

ජාන විකෘතියක්

මයුරි කොඩිකාර ගම්පහ

හීන් හඬින් කෑ ගසනා බඩ පණුවනි අසාපන් වාන්වෙලා ලිග්ගල් තුන පස් හින්දම බලාපන් හාල් හුණ්ඩුවක් නැතිවම බඩ අකුලල නිදාපන් මාන්දමට වාගෙයි ඇස් වළ ගැහිලද කියාපන් පාන් නැතිලු කේක් කන්න කාසි ඇන්න දුවාපන් ගාල් වෙන්නෙ අම්බරු රැළ දීනකමද බෙදාපන් නාස් ලණුව දාගෙන උන් නැතිද කියල සිතාපන් දාම් අදින ඉත්තො වගේ තම වරිගෙම නසාපන් හාංකවිසියක් නොදන්න බහිරව කට පුරෝපන් පාත් වෙමින් සුසුම්නාව දෙකඩ කරල පුදාපන් ගාත් වලින් බඩ ගාගෙන දත නියෝන සිටාපන් ආන් එහෙම පරගැතිකම ජානවලට කවාපන්
කවිය බලන්න