කඹේ කොටයි …

කඹේ කොටයි …

නිරන්ජන් සෙල්වදුරේ සිඩ්නි, ඔස්ට්‍රේලියාව

​ මා දින පතා ගසක බැඳ ඇතා ඔබ නිතර​ දැක ඇතා මං පන්සලේ ඇතා පින් නැති නිසා ඉපදීලා සත්ව ලොව​ මව් නැති නිසා හැදුනා මා පින්නවල​ දළ ඇති නිසා එව්වා මේ පන්සලට​ පින් ඇති මහතුනෙ වෙනවද​​ මට පිහිට බෝ ගහ මුල වැඩ සිට තන්හාව දුරු කොට​ මෙත් කරුණා පතල කල සත හට ඒ සම් බුදු ගුණ නොදැනේය​ මා හට මහ වෙහෙර​ අසබඩ බෝ ගහ පෙනෙයි මෙතනට​ බැඳි කඹේ කොටයි නොපෙනෙයි බුදු පිලිමෙ මට​ ඇත් ගොව් මහත්තයො ඔබ මෙහෙ ඇවිත් හෙට​ බැඳපන් මාව අතනින් බෝ මලුව යට​ සත් හිංසාව​ ඇද්ද ලියවී බණ පොතට​? අලි ඇතුන් මොටද පන්සල්වල පෙරහැරට? බැඳි කඹේ කොටයි නොපෙනෙයි සදහම් ඔබට මෙත් සිත් වඩමි යහතින් බෝ මලුව යට
කවිය බලන්න