තරගය අවසන් ය. ~~~~~~~~~~~~

තරගය අවසන් ය. ~~~~~~~~~~~~

ලාල් හෑගොඩ  

මල්ලව පොර ශූරිය දිලිසෙන දහඩියට බේරුණු මස් පිඬු ලෙලවා හුවමාරු කරගත්තා ය එය ඔල්වර හඬකට නැඟුණු කඳුළු බිඳ පිස දමමින් සුළැඟිල්ලෙන් බැස ගියා ය අත වනමින් දහසක් රසිකයනට කුටියට වන් කල නව ඇඳුමෙන් සැරසෙන්නට සැඟවුණු කෙසඟ තරුණයෙක් එහි රසිකයෙකු ද රස කලා දත් කුඩා තරග වළල්ලක් තුළ එක් තරග වටයක දී දිගු පරාද වි ය ඈ පිස නො දමා වේලෙන්නට හැරි කඳුළක පැල්ලමකි
කවිය බලන්න