වැස්ස පමා වෙලා වරෙන්

වැස්ස පමා වෙලා වරෙන්

අන්ජලී චන්දිමා සිල්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

වැස්ස ටිකක් පමා වෙයන්
හනි හනිකට නුඹ ආවොත්
පුංචි දෝණි බඩගින්නේ
වලව්වෙ වැඩ ඉවර වෙද්දි
දන්නෙම නෑ වෙලා ගිහින්
ඒ හින්දයි මේ තරමට
පය ඉක්මන් කරන්නෙ මං
මට තරමට හදිස්සියක්
නුඹට ඉතින් නැති හන්දා
ටිකක් පමා වෙලා වරෙන්
ගෙදරට මං යනතුරුවත්

කවිය බලන්න