මල හා නටුව

මල හා නටුව

අන්ජලී චන්දිමා සිල්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

මලේ සුවඳ විඳ ගන්නට බැරුවාට
නටුවෙන් තොරව මල පවතිද කිසිදාක
නටුවයි මලයි එක්වූ විට හැමදාම
මලේ සොඳුරු බව රැක දෙයි නොසිතාම

නටුවෙන් කඩා මල වෙන් කර ගත්තාම
මල මිය ඇදෙන බව මොහොතක් සිතුවාද
නටුවයි මලයි අතරේ ඇති මේ බැඳුම
වටහා ගතොත් සොඳුරුය ලොව පැවතීම

කවිය බලන්න