ඔබ සහ මම

ඔබ සහ මම

දිලුප් චාමර සෙනරත් රාජගිරිය

වෑහෙනා වාරුණී මී බදුන් පුරා මදු විතක් මවා ගෙනේ මට ඔබේ සිනා පීදෙනා මාලතී මල් ගොමු නවා පිරි සහන් සුවේ ගෙනේ මට ඔබේ කථා තාරුකා කඩා හැලේ වාලුකා පුරා නීල පලිගු නෙත් ඔබේ රූ අඹර සරා මාරුතේ පවා ඇදේ සුවද මල් ගෙනා සීත සුමුදු සුව දැනේ ඔබ ලගින් හමා පෑහෙනා හැගුම් ගෙනා වාසනා සදා ජිවිතේ දුමාරයේ සෝ සුසම් නසා වීදෙනා ප්‍රේමයේ සොදුරු තැන් සොයා ගී පොතක් පිරී ගියා ඔබ නමින් ලියා
කවිය බලන්න