ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි

ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි

වීදාගම මෛත්‍රිය නා හිමි

ලැදිව රජෙක් බොරු බස් කී විගස කයා නැතිව රිද්දි බලයත් ඒ මිනිස් කයා පොළොව පලාගෙන ගොස් වැටුණි නරකයා මෙලොව සතුනි ඉන් බොරු කීම නරකයා පෙර එක් රජෙක් සිය කැමැත්තෙන් ම බොරු කියා තමන්ට තිබුණු අහසින් යන බලය ද නැති කොට ගෙන, ඒ මිනිස් සිරුරෙන් ම පොළොව පළාගෙන නිරයට වැටුනේ ය. එහෙයින් සත්ත්වයනි ! මෙලොව දී බොරු කීම නරකම යි.
කවිය බලන්න