පියුමි, ගිනි ගත් විලක්කුව

පියුමි, ගිනි ගත් විලක්කුව

ගංගා ජීවනී වැලිවත්ත කොළඹ

පියුමි හංසමාලි තනි වෙච්ච ඇතින්න, ගිනි තියල මුළු රටකට නුඹ, කෑ ගහල ඇඬුවෙ  රහසෙම, කිරිගරුඬ රූපෙට කෙළ හැළුව මේ නරි රැල, කියද්දී තළු මර මරා , වින්ඳ හැටි නුඹ ගාව කම්සැප, අනේ මුං පිරිමි ද ? ඇත්තටම, දුකයි නංගියෙ උඹ ගැන.... තනිවෙච්ච අම්ම කෙනෙකුට උදව්වටමයි, පොරකන්නෙ කැණහිල් රැල නීතියේ දෙවගන, ඔය තරාදිය දාපං කො බල්ලට තනිවෙච්ච හැම ගෑණි ම මං දැක්කෙ සුරගනක් විදියට සිංහ වෙස් ගත් කැණහිල්ලු, දෙස් දෙන්නේ ම , කෙළෙසන්න වර ; මේ වෙසගන.. කතරගම රූමතිය ව නිරුවත් කලේ ගස් බැඳ දුටුවා ද ඇගෙ නිරුවත..? දුටුවෙ කැණහිල්, දස බල්ලන්ගෙ හෙළු කොට.. අප්‍රාණ පිරිමි ලිගු කොට, පෝලිමට ඇති, පියුමිගේ දොර ළග, ඒත්, ගරු මහතුනේ දැනගන් තනි ගෑණියෙක්, කියන්නෙම . ගිනිගත්ත විලක්කුවකට . ( හුදු කවියක් ම පමණි. දේශපාලනයෙන් තොරයි. ) 21/06/06.
කවිය බලන්න