නූතන මහමායාවකගේ විලාපය

නූතන මහමායාවකගේ විලාපය

කාංචනා පෙරේරා කපුගේ කොළඹ

තරුවක් මොටද සඳනැති කල අහසකට ඔරුවක් මොටද හබලක් නැති තොටියෙකුට තොටිලි මොටද නැලවෙන්නට දරුනැති කලට සිනහව කොහිද දරුවෙක් නැති කුළගෙයට ... තැනුවත් කැදලි නිති නුඹ හා වෙසෙන්නට තනියක් නොමැත දැනුනේ ළඟ රැඳි කලට දෙපැහැ හීන තිබුනත් නිති දිවරෑ දකින්නට මේ කුස උරුම නැත බෝසත් බිළිඳෙකුට... නින්ද නැතත් හැම රැයකම දුටුවෙමි සිහින ඇහැරෙන විටදි නුඹ දුටුවේ බිළිඳෙකු ලෙසින දෙතනේ නොඑරුණත් කිරි දරුමුව තෙමන්න මම මව් වුණේ නුඹ හද පිළිසිඳගත් එදින....
කවිය බලන්න