මැඬි  විදමන

මැඬි විදමන

විද මැරූයෙමි මුදාහැර දුනු දිය කෑගැසූ ගෙම්බා අඳුර රජයන මාලිගාවේ නිදන්නට නිරිඳුන්ට සිත් සේ රමණ සුව විඳ අඳුර විඳින්නට දුනු ශිල්ප කුමකට ද ? රජුන් සනසවන්නට අවැසි නැත කවටකම් පමණක් ම සෑහේය .... ගෙම්බා මැරූ පාපයෙන් සද්ද විද්ද පළඟ පතිර පටබැඳි නම්බු නාම ලැබ රජගෙදර කවටයා වී අවැසි - අනවැසි සියලු තැන බක බක ගාන්නෙමි සදාකාලික ගෙම්බෙක් වී.....
කවිය බලන්න