සංත්‍රාසය

සංත්‍රාසය

වෛද්‍ය සුමුදු ඉරසිංහ සමර්සෙට්, එංගලන්තය

සූරා ගෙන අන්සතු සකලේ රන්මසු පොදිබැඳ සඳලුතලේ අත් හල නොහැකි ව සුසුම් සැලේ මරණය අබියස ලොව සසැලේ... හොඳ සිහියෙන් හුස්මක් යදිනා දහසක් දෙන දුටුවෙමි හඬනා මොහොතක් ඉන්නට දිවි රැකෙනා සහසක් දේ කලමුත් නැසුනා... කෙනෙකුට වෙනසක් නොවන ලෙසේ සැමට ම පෙර පින් පව් විලසේ පිලිගත නොහැකි නමුත් සතොසේ මොහොත පැමින කල යා යුතු වේ.. 21/05/21
කවිය බලන්න