පොසොන් දා

පොසොන් දා

බුදු පුද පිණිස දැල්වූ දුම් කපුරු හඳුන් පැතිරෙන සුවඳ විහිදේ ගව ගණන යොදුන් නිලඹර පොසොන් සඳ වී එන විටදී මුදුන් සිහිපත් කරමු අනියත දම දෙසූ බුදුන් හමුවන සඳෙහි දෙව්පෑතිස් නිරිඳු සඳ කළ ඇරයුමෙන් දෙව්, බඹ, නර පිරිස මැද සුළු සුළු ඇත් අඩිය උපමා කොට දෙසන ලද සම්බුදු දහම අද සිරිලක තිබෙන වද ? හිමිහිට නඟින විට පඩිපෙළ මිහින් තලේ දෙසු දම් මිහිඳු හිමි රැව්දෙයි සවන් දැලේ දැල්වෙන දොළොස් මහ නොනිමෙන පහන් සිලේ එළියෙන් ගිලී කිමිදෙමි අම දහම් විලේ
කවිය බලන්න