මවගෙ අවුරුදු

මවගෙ අවුරුදු

ලක්ෂානි ලියනගේ කුරුණෑගල

ගමේ ඇත කීවාට අවුරුදු නැහැනෙ මට ලකයක් කිසිත් දොළොස් මහ මගෙ පාළු වී ගියෙ නුඹ ගමෙන් ගිය දා පටන් ටිකෙන් ටික ගත දිරා යද්දී ඇදුම් කැක්කුම් වැඩි වෙතත් මුණුබුරාගේ කතා හින්දයි හිතේ ඇත්තේ පණ ටිකක් තාත්තත් දැන් ලෙඩ ගානෙමයි මට උදව්වක් නැහැ කිසිත් තනිව වෙහෙසුනෙ කන්න නුඹලට දෙන්න මට හැකි උපරිමෙන් සෙයිලමෙන් නුඹ එන නිසාමයි කරුන්කා ටික විකුණුවෙත් ඇඟිළි තවමත් ඇදුම් කනවා පුවක් තලලා මහ රැයෙත් ලබන කෝණමෙ නුඹ දකින්නට මට අහිමි වුණොතින් වරම් මුණුබුරාගේ රඟ බලන්නට පුතේ ඩිංගක් නැවතියන්
කවිය බලන්න