සරා සඳ පායලා අහසේ

සරා සඳ පායලා අහසේ

ගී පද රචිකාවී සමන්මලි සේනානායක එක්සත් රාජධානිය

සරා සඳ පායලා අහසේ වෙසක් සිරියයි සමිඳුනේ ඉද්ද වතු සුදු ඇහැරිලා දැන් හරිම සුවඳයි ගෙමිදුලේ සාදු නාදය පැතිරිලා යයි ගම වටේටම පන්සලේ බුදුන් වැඩියා වගේ පේනව අපෙ ගමේ බුදු මන්දිරේ බෝ මලුව හරි සිසිලසයි අද බෝ පතින් එන මඳ නලේ වැලි මලුවේ මල් පිපී වාගෙයි පහන් සිලු දිලෙනා රඟේ ගතින් තැන්පත් පිරිස් එකතුව කරයි පින්කම් පන්සලේ ඇසෙනවා බන මඩුවේ බන පද රෑ පුරාවම පෝ දිනේ සැදැහැවතුනුත් වඳින පුදනා නැතේ අඩුවක් පන්සලේ සැවොම පතනා එකම පැතුමක් දුරලු කාටත් මේ බවේ වැරදිලා කොතැනදෝ ඇත්තේ දෙසනවද අප සමිඳුනේ සිතේ පැවතුම හඳුන ගන්නට බැරුවදෝ මේ ගනඳුරේ
කවිය බලන්න