නව වසරට ආසිරි  ......හෂාන් සම්පත් සමනලවත්ත

නව වසරට ආසිරි ......හෂාන් සම්පත් සමනලවත්ත

සමන් අතාවුදහෙට්ටි

පැල් කොටයේ ලිප ගිණි යහමින් දැල්වීලා මල් වන් දරුවන්ගේ මුව සිනා පිරීලා කල් වේලාවට අව් වැසි නිබඳ ලැබීලා සිල් ගත් පුරවරකට සිරි වෙනු පිරි වැඩිලා ඇස් වල හිත් වල වැගිරුණු දුක් කඳුලැල් බිංඳූ සැනින් ඉගිල හැම මුවකම සතුටු සිනා රැන්ඳූ නව වසරේ සිව් කොන රැව් දී ජය දධ බැන්ඳූ නිතිනි ඇසේවා සැමටම සාමයෙ ගී සිංඳු වටහාගෙන සසර සරන භව මඟ ගැන අතිර දුක් දොම්නස නසා ලැබිය යුතුයි සුවය සතිර සාමය සමඟිය දස අත හැම හිතකම පැතිර නව වසරම සුභ වේවා කිරි පැනියෙන් ඉතිර හෂාන් සම්පත් සමනලවත්ත
කවිය බලන්න