මගේ අනුබුදු සමිඳුණේ

මගේ අනුබුදු සමිඳුණේ

අමර ගුණසේකර Marne la Valée ප්‍රංශය

නොවැඩියා නම් තම්බපණ්ණිය වණ සතුන්ටම වෙන්ව යාවී හුදෙකලා වූ දේශයක් වී සිතියමෙන් ඉවතටම යාවී රජුගේ පසුපස හඹා ගෙන ගිය රැළක් සේ විදිණට සතුන් නොවැඩියා නම් තම්බපණ්ණිය වණ සතුන්ටම වෙන්ව යාවී මගේ අනුබුදු සමිඳුණේ ඉහළ අහසට නැඟුණු ගල්කුළු මුදු මොලොක් වී ලොවට දුන්නේ සතර බඹ විහරණ ගුණෙන් පිරි පෙති පිළිම සඳකඩ පහන් සමිඳු දෙසු දම් පද අසා මැවූ අසිරිය ලොවට පැතිරූ වැවයි දාගැබ ලඟම සිටියා අපේ කම හදවත දරා මගේ අනුබුදු සමිඳුණේ ගමයි පන්සල එක ලෙසේ දේශයම පිබිදූ කසාවත ජාතියට දිරි දුන් කසාවත මිහින්තලයෙන් තම්බපණ්ණිය මගේ අනුබුදු සමිඳුණේ
කවිය බලන්න