උන්මාදයක රස

උන්මාදයක රස

සිසිර කුමාර බණ්ඩාරගම බ්‍රිස්බෙන්, ඕස්ට්‍රේලියාව

උන්මාදයක රස හඳුනන්නේ - උන්මාද වූවන් පමණයි සන්තානයක සුව මතුවන්නේ - සන්තාපයක් හා සමගයි පෙම් ප්‍රාර්ථනා බිඳී ගිය හදකට - අන්දකාරය නිවනයි උන්මාදවූවනි දැන් ඉතින් - හිස් වූ මධු බඳුන් පුරවන් සිහිනේ බිඳී - දෙනුවන් තෙමී සුන් වී හදේ පැතුමන් සුසුමන් හෙලා - කඳුලැල් සලා ලතවී පලේ කිම දැන්? හිස් ප්‍රාර්ථනා - දුක් වේදනා හදවත් දවයි නිබඳේ මේ ජීවිතේ අරුතක් සෙවීමම උමතුවකි සබඳේ
කවිය බලන්න