ධීවරී ගීතය

ධීවරී ගීතය

සාගර පලන්සුරිය

හිමි ඔබ සයුර මැද රුදු සටනකය රැයේ පොල් අතු පැලේ මම තනියම වෙසෙමි බියේ ඇතමුත් හුරු පුරුදු එඩිතර ගතිය ළයේ තරමක සැකයකිනි ඔබ අද සවස ගියේ අහසේ අදුරු වැහි කළු නගින කොට සුළගේ වෙනස මෙහි ගහකොළ කියන කොට ගෙරවිලි සහිත විදුලිය විදුලිය හඩ ඇසෙන කොට හිමියනි මගේ හිත වාවනු බැරිය මට හබලට ඔබේ සවිබල අත රිදෙනවද ඔරු කද උඩින් දළ රළ පෙල නගිනවද සීතල සුළග රළුවට ඇග වදිනවද හිමියනි වෙහෙස නිදිමත දෙක දැනෙනවද ගොඩ බිම කොහහෙද නැති මහ මුහුදෙහි ඇත හිමි ඇත වෙහෙසෙමින් වෙහෙසී ඇත දෑත ඔබ නැති නිසා හිමියනි මේ ළග පාත සුළගේ මැකී යයි මගේ දුක්මුසු ගීත එළියක් පෙනෙන විට හිමියනි වෙරළ බඩ නැතහොත් දැනෙනවිට ඔරුවක ඇදෙන හඩ දෙ සවන වැටෙන විට කිසිවෙකු නගන හඩ මා නො දැනුවත්වම මම මගෙ දෙපය උඩ වැහි පොද මගේ හිමිගෙ හිස නො වැටේවා මේ රුදු සුළන් රැළි රැළ පිට නොගැටේවා පැද යන ඔරුව වෙත මසු කැල දැවටේවා ලන ඇම ගිලින තරමට උන් රැවටේවා ඔබ එනතුරා නැත මගේ සිත සැනසෙන්නේ මා ගැන නොවෙද හිමි මේ හැම වෙහෙසෙන්නේ සවස යාමටයි ඔබ උදයට එන්නේ මෙහෙමද ජීවිතේ දිගටම ගත වෙන්නේ ඔබ මහ මූද මැද තනියම වෙසෙන කල සිහියට නැගෙනු ඇත මෙහි මා නිදන පැල හිමියනි ඔබට මගෙ හදවත මිහිරි කළ සැනසුම තිබේ මේ පොල් අතු කුටිය තුළ කේයස් (සාගර පලන්සූරිය )
කවිය බලන්න