කුමුදු මලේ අයිතිය

කුමුදු මලේ අයිතිය

නාලිනි ඩි සිල්වා

කුමුදු මල : කුමුදු මලේ රුව නුඹ නැහැ දන්නේ සුමුදු හදේ සුව නැත හඳුනන්නේ සිනිදු කොපුල්තල මල් පෙති වැන්නේ නුමුදු නුඹට පෙම් හසුන් එවන්නේ කදෝපැණියා: මුවින් මෙමට රඟ මඬලක් මවලා රුවින් නුඹත් සුදු කුමුදක් වීලා ලවන් සනසවන මධු මී සොයලා කියන් බඹර කැල සිටීද රැඳිලා කුමුදු මල : සඳ කොමලිගෙ සඳ රැස් පිනි ඉසිලා විඳ විඳ සිටියද සිසිලස රැඳිලා කඳ කුමරුගෙ මල් ආසනෙ ඉඳලා රැඳි මිණි සිඹයන සමනොළ මන‍ෙලා කදෝපැණියා: කොඳ කැකුලට පෙම් කවුරු කරන්නේ සඳ වත විතරද ඇය සතපන්නේ නඳ දෙන බඹරුන් ඇයි නිදියන්නේ ඉඳුවර මහ බඹු මෙය විසඳන්නේ මහ බඹු: කුමුදු මලේ රැව කොහොමද දන්නේ සද කොමලිය ගගනතෙහි දිලෙන්නේ සද රැස් දහරින් කුමුදු පිපෙන්නේ කුමුදුනියේ නුබ කිමද තැවෙන්නේ කුමුදු මල : තැවෙන කුමුදු මල හිත ලතැවෙන්නේ මැවෙන රුවින් සෙනෙහස උතුරන්නේ දැවෙන ඇයගෙ හද කවුරුද දන්නේ රඟන බඹර කැල නැහැ ඇහැරෙන්නේ කදෝපැණියා: කුමුදුනියේ නුබ කුමට තැවෙන්නේ හිරැට හොරා සෙනෙහස පතුරන්නේ නිබද දැවෙන හද කිම සගවන්නේ කදුලින් කවුරැද ජය පැන් බොන්නේ කුමුදු මල : හිරුට අයිති බව හිරු පවසනවා සඳුට අයිති බව සඳු පවසනවා සිඳුට අගේ නැති බව කියවෙනවා කුමුඳු ගෙ අත හිමි කවුද අසනවා මහ බඹු : මුසාවෙ නොරැඳී සෙනෙහෙ පිරේවා ලතවෙන සිත දැන් සුවපත් වේවා අධීපති වෙන කවුරුත් නොම වේවා කුමුදිනියේ නුඹ මෙගේම වේවා
කවිය බලන්න