කන්ද

කන්ද

වෛද්‍ය වත්සලා කන්නන්ගර

කන්දක් කියන්නේ ම ඉවසුම වින්ද දුක් නොපෙනෙන්න සැඟවුම හුස්ම බව ඔබ නිම්නයට නොකියුම මැරෙන තෙක් හිස බිමට නොහැරුම නැබ ගැඹර ලෝදියක කැලඹුම නිවූ සිහිලැල් දිය දුරක ඇරඹුම කිව්වා නාහන ගඟ මුහුදට ම වග දන්නා වගත් සැඟවුම කන්දක් කියන්නේ ම ඉවසුම මුහුදු හතකට එහා දුර දැක දැන සුමුදු නැති මඟට ම ගඟක් හැරවුම මුදු කොට රලු ම ගල් සරු කොට වියලි ගම් ඇදෙද්දී ගඟ දිය ලොක්කි ගැන බය නොවෙන්නයි අම්මාට පැවසුම සොයා ගිය පසු මුහුද එපා කිව හැකි ද කරදිය ? මෝය මෙපිටට නොගෙන ලුණු දිය ඉන්න හැටි දන්නා ගඟට මතකයි කඳු ඉගැන්වූ විදිහ බුලත් විට සැපූ දෙතොල'ඟ රැඳුනි කවි ,ගී, ශ්ලෝක උසස් අටලෝ දහම දත් නිසා නුඹ කළ ද අත් හැරුම සොහොන් කොත ලා දවා අළු දුම් දූලි මැද ලූ පසුව එහෙත් කන්ද ම පමණි දුවකගෙ රහස් සිහිළැල් දහම
කවිය බලන්න