තෙප්පනාවේ ගුණවර්ධන කිවිඳු

තෙප්පනාවේ ගුණවර්ධන කිවිඳු

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

අගනුවර තරුණ කවි සමාජයේ (අතකස) හිටපු උප සභාපති වරයෙකු වූ කිවිපති තෙප්පනාවේ ගුණවර්ධන කිවිඳු අභාවප්‍රාප්ත වුයේය. මේ කවි පෙළ විශේෂයෙන් ඒ නිමිත්තෙනි *************************************** අවි යක් වගේ කවියෙන් පෑ සොදුරු මත සවි බල ගැන්වුණේ යහපත් සතර අත කවි යෝ අතැර ගිය සඳ, දිලි අඹර වත කිවි දුනි! තෙප්පනාවේ අද ඔබත් නැත ----- හෙළ ජාතික ඇදුම සියොළග සිරින් පිරි නිල ලත් නොලත් කවියෙකි සිටි වැඩුව දිරි පිල කොයි පිල වුණත් අතකස සමග සැරි මල පරවුණා විකසිත මහමෙරෙහි ගිරි ---- දිය තෙහි දිදුල තරුවකි මැද අතර සබ විය පත් වුණේ මිනිසෙකු ලෙස පමණි ඔබ අය වැය අසම බර වුණි මුත් නොමැති හබ සිය හද පිරුණු යහපත් කම තමයි සුබ ---- එක විල සුපිපි සියපත් කවි විලෙහි දිය ටික ටික ගිලිහෙතිය මිලිනව ගෙවෙන විය දැක දැක වෙනස් වන ලෝකයෙ දහම නිය ලක ඹර නිවේ කවි තරු දොම්නසකි එය -- ගගුලක් ගලන ලෙද කී හිටිවන කවිය දහසක් දෙනෙත් අංජන කළ හඬ සවිය සයුරක් පබා කල නෞකාවක නැවිය සැනයක් පුරා ඔබැ සිහිවෙන සිත දැවිය --- සවනට මදුවිතක් වන් අමරස දෙන්න ඔබහට උරුම කවිකම යළි රජයන්න බවයට ඇතත් කළ පින් එතෙරව ඉන්න නිවනට නොගොස් තව සැරයක් මෙහි එන්න ================================ කලාභූෂන කිවිපති කවිධජ ඩබ්ලිව් කේ සරත් විමලසිරි (අතකස හිටපු සම ලේකම් ) ****************************** 18/6/2023
කවිය බලන්න