දැයෙන් සමුගත්     හාතාගොඩ විමලසිරි කිවිඳු

දැයෙන් සමුගත් හාතාගොඩ විමලසිරි කිවිඳු

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

[අතකස ප්‍රබල යාවජීව ප්‍රවීණ කීවිවරයකුව සිටි බක් මහ 19 දින අභාවප්‍රාප්ත වූ හාතාගොඩ විමලසිරි සූරීන් වෙනුවෙනි ] _______________________________________ හාතාගොඩ කිවිඳු කිමිදුණු කවි සයුරේ වීණා හඬක් වන් කවි හඬ නැගු මිහිරේ පෑයූ කසුන් තරුවක් අතකස අඹරේ පාවී ගොස්ය අත් හැර නුබ කුස අඳුරේ --- අග ටම ගොසින් තරණය කොට දිවි පවුර නැග ඉහළටම වෙසෙසින් සැලු රැස් දහර හුග කාලයක් තව පවතින කවි මිහිර දිග ගමනකින් පසු නැවතුනි බව කතර --- ගුරු සේවයෙන් පසු රැදී අධිකරණ සමේ ගරු තනතුරු දැරූ යුගයක් සතර ඉමේ තරු අත් අකුරු පැදි ලිවු පන්හිඳෙන් ගමේ කරුණා බරිත සිත් ගඟුලක් සිඳුනි බිමේ --- උන් නා උඩින් අප හා අපි තුරුණු කළ සන් නාමය ඔබේ මිනිසත් කමය නිල පින් මහිමයට ලක් මව ලැබූ ඉසුරු පල මින් පසු යළිත් නොපිපේ කවි විලේ මල ---- පාවී අනන්තයටම ඔබෙ බලැති හඬ යාවී රැගෙන ඇත විස්වයෙ තැනක ඉඩ මාවී කෙතක් වැනි රස විඳි විහග තුඩ ගෑවී සිටී ඔබැ රුව අප සිත් හි වැඩ --- සතහට සුවය රස විරිතෙන් ව්ඳ ගන්න කවියට කවි කමට යළි යළි පණදෙන්න සවනට මිහිරි හර බර කවි අහගන්න නිවනට නොගොස් යළි මිහිකත උපදින්න ============================== කලාභූෂන කිවිපති කවිධජ ඩබ්ලිව් කේ සරත් විමලසිරි (අතකස හිටපු සම ලේකම් )
කවිය බලන්න