ඇයි අපට කරුවල..

ඇයි අපට කරුවල..

අනුරාධ හිරිපිටියගේ

දුරුතු මීදුම මැදින් මිදුණු උණු කඳුළැල්ල
තුරුළු කරගෙන ඇයත් හොයනවා හසරැල්ල
අඳුරු ළිග්ගල් තුනය - හිත පුරා ගිනි දැල්ල
අපට අද දිනෙත් නෑ පායන්නෙ අරුණැල්ල

වතුර කළයේ අඩිය හූරලා අරගෙන
අකුරු කරනට යන්න පුංචි දූ ලතැවින
ඉරුණු ගවුමට උඩින් පිළුණු පොත් වැළපිණ
තුරුණු විය අබියස ම ඇගෙ දෙපා ගොළු විණ

හේනෙ බටු මෑකරල් ණය පොතේ දිය වෙලා
තාම මට රවනවා මුදලාලි ඔරවලා
පාර අඳුරුව තිබේ ජීවිතය නැවතිලා
හීන දිය කරන් යයි දොළ පාර ගල ගලා

කවිය බලන්න