2024 අප්‍රේල් කලාපය
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම

2024 අප්‍රේල් කලාපය

නොදුටුවෙමිය පිපී තිබුණු සුන්දර එර බදු ඒ වෙනුවට යන යන තැන ඉපිල තිබේ බදු ටික දෙනෙකුට මධු බොහො දෙනෙකුට රුදු ඕනැ වුනත් එපා වුනත් එලඹේ අවුරුදු

– අනුර

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

පටුන

මැයි කලාපය සඳහා කළින් පළනොවූ ඔබේ නිර්මාණ [email protected] වෙත යොමු කරන්න

තාත්තාගේ මළගම දා

තාත්තාගේ මළගම දා

ආරියරත්න ජයසිංහ මහරගම

තේජවන්ත වූ ඔබ උවනත දෙස බැලිය නොහැකි විය කිසි දින සෘජු ලෙස එසේ බලන්නට හැකිවූ දිනයෙදි දෑස වසා සිටි කඳුළු පටලයෙන් ඔබේ උවන මට නොම පැහැදිලි විය පියාණනේ ..... සුදු ඇත් පැටවෙකු සීනෙන් නොපෙනුණි කාව්‍ය සංග්‍රහයෙන් - 2024
කවිය බලන්න
ගුත්තිල ගුරූ

ගුත්තිල ගුරූ

දීපා ද සිල්වා ලන්ඩනය

ඉහල යනු බලා සැනසෙන්න නොහැකි වූ තම බලය වැඩි කරන් අනිත් අය පැරද වූ රැවටීම වංචාව තුලින් දිනුමක් පැතූ බෝධිසත් චරිතයට කැළලක් ද ගුත්තිල ගුරූ
කවිය බලන්න
වසරක් බලා සිටීමෙන් පසු උත්සවය පැමිණියේය

වසරක් බලා සිටීමෙන් පසු උත්සවය පැමිණියේය

මහාචාර්ය ආරියරත්න ඇතුගල

වසරක් බලා සිටීමෙන් පසු උත්සවය පැමිණියේය ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා මම ආසාවෙන් හිටියා බලන්න සඳ පුර සඳ ඉන්ද්‍රජාලික උත්සවය මතක් වෙයි ලස්සන උදෑසනක්! ලස්සන දවාලක් ! ලස්සන සන්ධ්‍යාවක්! ලස්සන රාත්‍රියක්! මම වර්ණ ගන්වන්ඩ රටා මවයි අම්මා පොල් අත්තෙන් අත්ත මහන්සියෙන් ඉක්මනින් වියමින්, කොහෝ කොහෝ උඹේ පුරුදු හඬ මගේ සිත රිදවයි, හිත් රිදවන්න එපා මගේ යාලුවන්ගේ කුරුල්ලනේ ඔබේ ප්‍රියතම පිහාටුව තෝරන්න! තරු වැඩසටහනක් කරන්න මට අමතක වෙන්න සියල්ල , කොදුරුවන් බලා සිටියි කැවුම් කෑල්ලක් කන්න. කොකිස් අච්චුව විසිවුනා තෙල් පැහෙන තාච්චියේ ගිනිදැල්ලට උඩින් අම්මාගේ අතින්, මොන කම්පනයක්ද - මොන හදවතක් ද? මගේ හදවත නාද විය රබන් හඬ සමඟ, පොල් ගෙඩි දෙකකට කීයක් දෙයිද ? අහස් කූරු .
කවිය බලන්න
අගකුරු සොයා

අගකුරු සොයා

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

ගිලෙන කොට මළ මුහුද ඉරාගෙන හිරු දිලෙන එළි පහන් යට රතු ඇඳන් තරු මිදෙන බෝසත් දැහැන් යලි නිදන තුරු රිදුන අත් තටු හිමින් ගැලෙව්වලු මෙරු සිහින සිල්ලර මිලට වීදියෙම විකිණුනා නග්න ඔල්වර නාද අඳුර හා එක්වුණා බිඳින මල්වර හීන සංතකෙන් ගිළිහුණා විඳින කරදර එමට හුස්මකින් පිටවුණා ලියන නම අගට මට වාසගම නැති වෙච්චි ඇඳින ගන්නට එකම සාදකය මෙය වෙච්චි සිඳුන අත්තටු දෙකම අම්මගේ මම වෙච්චි ඉතින් තව හොයනවා මුන් අතර අප්පච්චි AnA 2024 Photo; Ashish Agrawal
කවිය බලන්න
සිනමා සිත්තමක්……..

සිනමා සිත්තමක්……..

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

කාලය ගෙවී අඩ සියවස ලබන විට මිතුරන් පිරිවරන්නට වැට කඩොලුත් එමට ගිම්හානයට පරිසරයම වෙනස් කොට පරිසරයම සුබ පැතුමක් ගෙනේ අපට ඇවිදන් ගිහින් ජීවිතයේ නෙක යුගය නෙක ගව් ගෙවා එතෙරක ඇරබුණු දිවිය දරුවන් වඩා දුක සිරකල ඒ සමය සිනමා සිත්තමක් සේ දිස්වෙයි නැත සැකය ආ ගිය තැන් සේම කල කී හැම දේම කාලය එක්ක ව වෙනසක් හැමදාම පෝරුවේ බැදුණු අතැගිලි තිබෙනා සේම සක්මන් ගමන් ඉදිරියේදී වෙයි කෝම
කවිය බලන්න
කොවුල් හඬ මැද

කොවුල් හඬ මැද

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

අළුත් අවුරුදු එනව දුර ඈත අපෙ ගමට මළුත් පිපෙනවා ඇති වහල ලඟ රතු පාට කජුත් ඉදිලා බරව වවුල් පොර කන රෑට මං ගියොත් බය වෙලා අඬයි රෑ එක දිගට ගිය සැරේ අවුරුද්දෙ ලිපේ ගිණි මෙලෙව්වට කිරි බතට ලුණු මදිව රස තිබුනෙ නෑ හොඳට ගල් ලිපේ මී පැටව් කොඳුරාවි මහ රෑට මං ගියොත් ඇහැරිලා අඬයි රෑ එක දිගට සති අන්තෙ ගෙදර ගොස් ඉරිතැලී ආ විටක කුස්සියෙන් නැගී එයි දෝංකාරය කණට තිගැස්සී නොගැස්සී මං මෙහේ හිටියාට ගියොත් අවුරුදු කන්න අඬයි මං මහ රෑට මතක කඳු පෙරලිලා මං එයින් යටවේවි නිදි නැතිව රෑ තිස්සෙ කඳුළු ගලමින් යාවි වවුල් රෑනම ඇවිත් නපුරු හඬ නංවාවි තනිවෙලා මං ඇඳේ කඳුළු දිගටම බෝවි ඇට සැකිලි කූඩුවට හොඳට පන තිබුනාට වාට්ටුවෙ එන හඬින් සිතට බිය නොගත්තට පුතාගේ නම කියල හැඬු හැටි එයි හිතට මං ගියොත් දුක් වෙමින් අඬයි රෑ එක දිගට
කවිය බලන්න
මුතු බෙල්ලා සහ කවියා

මුතු බෙල්ලා සහ කවියා

ආරියරත්න ජයසිංහ මහරගම

මුතු බෙල්ලෙකිය ඔහු සයුරු ගැඹරේ වෙසෙන නැති කිසිම හැඩයක් නැති කිසිමකිසි අගයක් කුඩා රළු වැලි කැටයක් දරාගෙන කුස තුල හිඳී ඔහු ලේ මස් නහර සිඳ බිඳ කෙවිකෙවී දරා දහසක් වේදනා ගලන කඳුළින් ඔපදමා වටකුරු කොට යස රුවට බිහිකරයි අමිළ මුතු ඇටයක් දන්නවාද ඔබ අසා ඇතිද ඔබ ඔහු සරි තවත් අය ඇතිද ලෝ කුස. හද තත් කර කම්පන පන්හිඳ සැතින් සිඳිමින අක්ෂර රුහිරු හෙලමින අනුන්ගේ වේදනා දරමින ඔපමට්ටම් කර කප කපා කවියක් බිහිකරන කවියෙකුම මිස.
කවිය බලන්න
සමරමු අපිත් සිංහල අවුරුද්ද ..............

සමරමු අපිත් සිංහල අවුරුද්ද ..............

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

සුපුරුදු කාලේ ඇවිදින් පිපිලා මල් බක්මහේ තු‍රුමුදුනත රතු එරබදු සිනාසිසි ‍ වැහිවැහේ කොවුලෝ කෙවිලියො සොයමින් එහෙ මෙහේ ගී ගයමින් පවසන්නේ අවුරුදු එන බව මෙහේ දොළොස් මසක් ගතවෙනදා පිරිලා වසරක් හිරු කුමරුන් ගතකර මීනයේ මාසයක් පා තබන්න මේෂ රාශියට බලලා නැකතක් සිංහල අවුරුද්ද ඇවිත් ගෙවිලා තව වසරක් මහවැස්සට පාළුවෙලා කුඹුරෙ ගොයම යටවුණා සතරවරම් දෙවි පිහිටෙන් ලියදි දෙකක් ඉතිරිවුණා වෙනදාමෙන් සරු නැතිවත් අවුරුද්දත් පැමිනුණා හිරු කුමරුන් සියල්ල දී තවදිනට පිබිදුණා වැපිරූ කුඹුරේ ගොයම්ටික කපලා වී කරගත්තා හේනේ වගාකල කුරහන් තල වියලා ගෙට ගත්තා අබ මුං උඳු හේනෙම වියලා පොඩිකර ගත්තා අවුරුද්දට කිරිබත් උයන්න වී ටික අඹරා ගත්තා අතේමිටේ තිබු හැටියට ඇඳුමක් ගෙන පොඩිඑකාට හාල් තුනපහේ අරන් බත්වේලක් එදත් කන්ට සිතේ තිබෙන දුක් කරදර අමතක කරලා මදකට කිරි උතුරමු මෙදා සැරෙත් අවුරුද්දේ පළමුකොට
කවිය බලන්න
නුඹ නැවත එනු පිණිස

නුඹ නැවත එනු පිණිස

වෛද්‍ය බෝධිනී සමරතුංග ස්වීඩනය

හිත පුරා උතුරාපු වසන්තය දිලෙන්න ආදරය දළු දාපු අතු අගිසි පිරෙන්න මල් කිනිති කරුණාව සුවඳ කර බෙදන්න මිහි මඬල සනසවා සුදම් වැහි වහින්න අතර මග කතර මැද උල්පතව නැගෙන්න ගිම් නිවන මදනලේ මේ දෙසට හමන්න පොළොව පිට ඇද වැටෙන තරුවකට නිවෙන්න සිහිනයක් පාට කර මේ දෙසට එවන්න හද පෙලා නැගෙන සෝ සුසුම් නොම රැඳෙන්න කෝ කොහිද මන්තරය හිතේ මල් පිපෙන්න ස්නේහයෙන් පුරවාපු හුස්මකට රැඳෙන්න නුඹ මෙදෙස එන පුවත ඉඟියකින් කියන්න Photo credit; Hannah Domsic
කවිය බලන්න
රට නොරට ඒ රට.....

රට නොරට ඒ රට.....

ග්‍රන්ථ කතුවර චම්මින්ද වෙලගෙදර

සිනාසෙන හිරු මඬළ දසන් විදහන මුව කමල් වසන්තය නිමා කොට එබිකම් පාන ස‍රත් සමය කියයි පත් ඉදෙන තුරු වදුළ නිසල මහ වන පෙත් අරා සසල රියසක නෙක දුවන සමථයට සිත ඇරියුම් පාන පරිසරය මැව්වේ වෙන කව්ද සියලු සත්වගට ගරු කරන මනුසත් දහම් නිති පෙනෙන මිනිස් කැල නොවෙද නිබඳ පන්සිල් නොගෙන සිල් රකින සිත දුවයි නිරතුරුව අනේ මගෙ රට සියලු දහම්න් සපිරි පිරී ගිය පසිඳු සම්පත් දැක නොදැක ලොවට අත පා සාක්කුම පුරවන සිත් පෙළා දුක නිබඳ සිටියද කොහේමුත් ඒ දැනේ යා කරන කම් කළද ඵලක් නොගත් කල උන් ගියෝ යා විඳින පව්කම් කෙළෙස පසක් නොවනා කලේ යා අනේ මගේ රටේ උන් තවම බායි මාළු බොර දියේ යා. නවසීලන්තය . 01-04-2024. Photo credit: ARTO SURAJ
කවිය බලන්න
ධවල අන්ධකාරය

ධවල අන්ධකාරය

චන්දන හෙට්ටිආරච්චි නිට්ටඹුව

නිල් අහසේ පාවෙන සුදු වළා කැටී සිල් ගත්තා වැන්නේ මල් වැලේ හැටී හිල් කූඩෙට පුරණා කල දියේ වැටී කල් ගෙවනා තාලෙට කිම සිතේ ගැටී පිහිනනු බැරි පැන දියවට කරක් තබා සුළඟට එතු මල් සුවඳට පෙමෙන් ඔබා සිතුවට ගනු හැකි ඇත්තට දැළක් ලබා කිසිදින නැත අස්වැන්නට මෙයින් සොබා ගී මිහිරකට හැක මනුසිත් සනසන්න නෑ සෙනෙහසට සම දිවනෙත් පසසන්න හී සැරයකට වැඩි බලවත් වනසන්න කෝ මිහිරකට දැන සුවපත් බබලන්න Photo credit' Taylor Van Riper
කවිය බලන්න
යෞවනියගේ  ප්‍රථම ආලිංගනය

යෞවනියගේ ප්‍රථම ආලිංගනය

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

දෑ....ස වසා... ගමි නුඹේ.. දෑතට සිර වෙමි තබා සවනත නුඹේ ළය මත ගැහෙන රා..වය අසා ඉන්නම් මේ... මිහිරිත ම වෙලාවයි සුසුම කොපුල ම දවයි මහද වෙණ නැළැවෙයි ඒ නැඟෙන හඬ ඇහෙනව ද අවදි නොම වී ...... නිදැල්ලේ.. යමි දුර ඈ..ත ....අර අනන්තය වෙත තබා.... මගෙ හිස නුඹේ..... ළය මත හාදු වැස්සට තෙමෙන්නම් ලවන් මී.. විත දෙන්නම් එපා.... මට මේ ගමන තනි මඟ සිර කරනව ද සදහට නුඹේ සිරගේ..... මාව 29-03-2020 ප්‍රථම ආලිංගනය යෞවනිය ට යථාර්ථයෙන් හා තර්කයෙන් එපිට මිහිරි සිහිනයකි
කවිය බලන්න
ප්‍රේමය නම්

ප්‍රේමය නම්

වෛද්‍ය චතුර එම්. විමලරත්න වැල්ලවාය

ප්‍රේමය නම් (බිරිඳක් ව අකීකරු මට) කසාදය තිත්ත නෑ - කරවිල වගේ උවමනාවෙන් තෙම්පරාදු කරාම නොපිච්චෙන ගානට. ජීවිතේ රතුහාල් බත් එක්ක රහයි ආදර කිරි හොද්ද ගෑවුණ ගෑවුණ තැන ..... මම කිව්ව එයාට නෝනා....... එක තැන ම පල් වෙලා මං හෙන පරණයි - රළු යි නේ ද? එයා; පිස්සු ඔයා හොඳ ම අච්චාරු පරණයි රහයි කන්න කන්න ආසයි බෙදාගන්ඩ ලෝබයි මකුළු පෙම කාව්‍ය සංග්‍රහයෙන්
කවිය බලන්න
මවකගේ පැතුමක්

මවකගේ පැතුමක්

චන්ද්‍රා සේනාධීර නවසිලන්තය

දෙපා වාරු නැහැ....... හිතද නැවතුනා...... දැවැන්ත යකඩ ගේට්ටුව ඉදිරියේ,..... ඇතුළට යම්දෝ නොයම්දෝ,........ එළියට ඇද දැමු ගේට්ටුවෙන්,... ... කිරි කැටි බිළිඳා තුරුල්ලේ ඉකිබිඳිමින් තාප්පයට පිටදී එතැනම,..... කළ යුතු කිසිවක් නැත වාඩි ගතිමි වියලි තන පුඩු,.... පුතුට අමා සුවයක්,...... විදුලි වේගයෙන් ගේට්ටුව ඇරී කලු පැහැති රථය සීරුවෙන්....... පුතුනේ බලන් ඇර දෑස්,........ නුඹගේ තාත්තාව ලොකු වුනාම නුඹත් ලැම්බෝගිනියක ඩ්‍රයිවර් කෙනෙක්වත් වෙයන් 25/3/2024
කවිය බලන්න
තේ  පැන්

තේ පැන්

චමින්ද ලියනගේ බලංගොඩ

ඇඟිළි තුඩු නුඹෙ රිදෙන තරමට පනම් නොලදත් නෙලන නෙලුමට තියේ පැණි පැහැ පදමෙ පමණට අගෙයි තේ එක සීනි නැතුවට, උඩ නගින තේ වත්තෙ තරමට සිතුම් මන්දිර උසට නැතුවට පොඩි එවුන් ගැන හිතෙන හිත යට පැතුම් ඇති ඉර නැගෙන හෙටකට, නොපෙනෙනා කල බතක් ලිපකට කඳුළු ගංගා පිරෙයි පැල යට දොඩන්නට බහ නොදැන හිටියට හිතේ ගින්දර තියේ හරියට, Photo credit: Evgeny Matveev
කවිය බලන්න
ඒ අපූරු වූ සුවඳේ කතාන්දරය

ඒ අපූරු වූ සුවඳේ කතාන්දරය

චරිත් හිරිපිටිය ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය

හීන් කුලේ මට කෝ ඔය ගරු නාම රෙද්දක් පොළොවෙ ගැහු විටෙකැයි සරු සාර වේරහැරින් කොටහළුවක් වුණු දාක පා ඇදි අයුරු මතකයි හොඳහැටි තාම.. හැඩි දැඩි මිනිහෙකි ඔහු මට මං පෙන්වූ නෙත් ගැටි විගස හදවත තරමක් ගැස්සූ යමින් ගමන ලංවී දෙකොපුල් සිඹපූ සාගරයම ඔහු විය මගෙ ගිනි නිවපූ.. නුඹ දුන් ආලය දරමින් දසමාසේ ප්‍රේමයෙ සමරු වේ ඌ සත් අවුරුද්දේ පුංචි පුතා එක්කලා මං පියමැන්නේ නුඹේ රුවම දැකගන්නයි සිත් සැටියේ.. තිසරුන් වසා සිටි හැට්ටය ඉරී ගියෝ ගල් ගෙඩි හැපී පොඩිපට්ටම් වනු ඇහුනෝ හුස්මට පෙරම හද පුපුරා පෙම ගැලුවෝ මොණරුත් හඩනවා නුඹ දැක මයෙ පොඩිනෝ..!
කවිය බලන්න
The Take Off - Charith Hiripitiya

The Take Off - Charith Hiripitiya

චරිත් හිරිපිටිය ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය

You're on the runway Taking the approach Let the dark memories vanish Anyway, Now it's time to take off ! Open your eyes Expand your wings Now it's the time Fly Fly Fly Touch the moon And come down with a star So your tomorrow will be fine.. You're on the runway Taking the approach Let the dark memories vanish Anyway, Now it's time to take off ! Open your eyes Expand your wings Now it's the time Fly Fly Fly Touch the moon And come down with a star So your tomorrow will be fine..!
කවිය බලන්න
අද කෝ මගෙ තැන

අද කෝ මගෙ තැන

දියත් රන්සර අතපත්තු පුලතිසිපුර

පෙරකල ; යනෙන විට ලොකු අය___ ගිය පාර මා දැවටුනා අතඟිලි'තර _____දඟකාර විදුබිම තුළදි නිරතුරුවම ___කර, වීර පොත් තුල තැබුවෙ සටහන් සැම ______අතනෑර ඔබ මට සුහඳ වී සිටි හැටි මතකෙ ____ඇදි සතුටයි එන්නෙ ඒ මොහොතට හදට ____ඇඳී නිල් කළු නොයෙක ලෙසි මෙහෙවර පුදන____ ලදී කලගුණ සලකන්න ලද ඉඩහසර___ මදි පෑවත් හපන්කම් හෙළබස ළඟ___ රිස්සේ ඒවන් සතුට පෙර යුග යුග___ ඔස්සේ නෑ මේවෙද්දි නව දියුණුවකට ___පස්සේ කීමට දුකයි මා දැන් අහු මුළු ___අස්සේ අණසක පතුරුවා තම තම සිතුව ____ලෙසේ පරදෙස් මිනිස් කැළ ගැන ඉතිහාසෙ__ඇසේ හිටුවා පණැ'ති පිරිසක් ලක් මවට තොසේ පෑ පෙළහරට මුල් වුන ඔබෙ සවිය __දිසේ නංවාලමින් ජාතික ,ගැදි පැඳි වලට ජීවය ලබා දුන්නෙමි මට හැකි ලෙසට ආයෙත් කලක් ආවොත් පෙර විලසකට අස්වද්දන්නෙමිය රස ගුණ දෑ පොත පතට
කවිය බලන්න
එතකොටයි වසන්තය

එතකොටයි වසන්තය

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

තැනින් තැන සුදුපාට ඩේසි මල් පිපුනාට කහපාට නිල්පාට තව තවත් පොඩි මලුත් කොලපාට තණනිල්ලෙ තැනින් තැන මතුවුණත් වසන්තය නැහැ තවම. ගිම්හානෙ කුරිරුකම දරා ගන්නට බැරුව මේ නොවෙයි යුක්තියැයි සරත් කල සටන් කළ එඩිතරම විරුවන්ගෙ ලේ වලින් හිරු උදාවක මිහිර මේතමයි සිසිරයේ සීතලට ගල්වෙච්ච එවුන්හට කියා දෙන ලස්සනම ලස්සන රතුම රතු රතුපාට පොපි මල් පිපුනේම වසන්තයෙ හොඳම හොඳ මැද හරියෙ පුදුම ලස්සන රතක් ඒ අර ලේමයි. 05/03/24 Photo:Diana Parkhouse
කවිය බලන්න
වෙලාවකට, ගූගල් මැප්...!

වෙලාවකට, ගූගල් මැප්...!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

තාක්ෂණය දිනෙන් දිනම දියුණු වෙනවලූ... සූක්ෂමව වැඩ කෙරුමට උදව් දෙනවලූ... තීක්ෂණව යොදවා ගෙන හඳට යනවලූ... ඒක්ෂණයකින් වැරදී බැටත් කනවලූ... අප ඉස්සර පාර හෙව්වෙ සිතියම් බලලා... එපමණ දුක් නොවිඳින්නට පහසුව සොයලා... සැපවත් ලෙස ගමන් යන්න මගකිය කියලා... උපදව ඇති "ගූගල් මැප්" ෆෝනෙට දමලා... යන්න ඕන තැන දැමුවම, පාර පෙන්නලා... මෙන්න මෙහෙම යන්න කියා එයින් දන්නලා... දුන්න උපදෙසුත් පිලිපැදි අයව ගෙන්නලා... කන්න දීපු කෑමලු මේ, යසට අන්දලා..!
කවිය බලන්න
ගමේ කඩේ !

ගමේ කඩේ !

දසාරා සෙනෙවිරත්න හංවැල්ල

පොඩි කඩ පිලකි සරුබර නැත ජය පහට පොඩි පොඩි කෑම සමඟින් තේ රස බෝම පත්තර දහක විස්තර දත හැක කදිම කුසට ද ඔළුවට ද ලැබදෙයි හොඳ පදම ලොකු ලොකු කාර්වල එන ලොකු මහත්තුරූ චිරිස් බිරිස් පළඳින සුදු නෝනාවරූ යතොත් මෙතැන පහුකර ගමනක් අතුරූ එන බව කියයි මුදලාලි ඇතුව ගරුසරූ බොයිලේරුවේ තේ නිතරම උණු වෙනවා හැලප ලැවරියා පිට්ටුත් රස දෙනවා ඉඳි ආප්ප කිරි හොදි බඩ පුරවනවා ගමේ කඩේ ලඟ කවුරුත් නවතිනවා .... !
කවිය බලන්න
සත්‍ය සැමදා කුරුසියේ

සත්‍ය සැමදා කුරුසියේ

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

හෝසන්නා හෝසන්නා කියූ උන්මයි වටවෙලා කීවෙ කුරුසිය ඇණ ගසව් යැයි යද්දි සතියක් ගතවෙලා සේදුමුත් අත තීන්දුව දී වැරදි බව දැන එකහෙලා හෙරෝද්ලා නැහැ ගියේ එල්ලුම් ගහට නීතිය යටවෙලා බරබ්බස්ලා ජුදාස්ලා හෙම ලබා නිදහස හිනැහිලා සිටින ලෝකෙක සත්‍යයයි බිළිවුණේ කවදත් කොටුවෙලා එදත් නායක පූජකයො රැළ සිටියෙ බලයට ලොබවෙලා වගෙයි අදටත් දනා හැමවිට ගියේ රැල්ලට රැවටිලා අයුක්තිය හා අසාධාරණෙ දැක දැකත් හිඳ නැවතිලා මඩින විට අනෙ අපෝ කියමින් නොගොස් එරෙහිව නැගිටලා නොසිට යුතු වග තවත් නිහඬව අන්ධ බිහිරිව ගොළුවෙලා සමිඳු ජේසුන් කියා දුන්නේ කුරුසියක් මත බිලිවෙලා අදත් කවදත් එකම දේමයි වෙන්නෙ ලොව යන කැරකිලා ගෙනත් වධදී මරණ එක නැහැ වෙනස් හරි උන් බලබලා කොතෙක් පෙනුනත් මෙයයි වියයුතු වෙනවගක් නෑ සිදුවෙලා ජේසු කුරුසියෙ දැනුත් එල්ලී වේදනාවෙන් මිරිකිලා
කවිය බලන්න
ඇත්තටම ඔබ දුටුවාද

ඇත්තටම ඔබ දුටුවාද "රූපය".....

ගංගා කඩවැද්දුව මේරි ලන්ඩ්, ඇමරිකා එක්සත් ජනපදය

දිලෙන රූ සපු දුටුව නෙත් යුග සිතට කොදුරයි, ගන්න සන්තක "ඇතුළාන්තය" නොදකිනා තෙක් ඔබව රවටනු ඇතිය, කැඩපත... ("සොදුරු කතකගෙ රුවක් දුටුවිට තුති ඔබට මෙතරම් රුවැතිව උපන්නට" “කියා නොඇලුන මනසකින් මට සිතේ යන්නට නොරැදි ඈතට " Will Durant -Fallen Leaves”කෘතිය) පැසුණු නැණසින් ඔහු කීව ලෙස විරාගික වී හැකිද දුර සිට විදිනු "ස්ත්‍රී සුන්දරත්වය"... මසැස හමුවේ දකින රූපය... නේක වූ මනු සබදතාවන් කරා පිවිසෙන,පැවැත්මට ඇති "ඇරඹුමේ දොරටුවක්" ...පමණකි ඇවැසි බව තව බොහෝ ඇවතුම් සබඳතාවක් රකින්නට නම්.. ඔබට වැටහී නැතිද? කිසිවිට රුවැති බිරිඳක හා වසන විට හෝ කඩවසම් හිමි සමීපෙහි... දැනුම හා චින්තනය මුවහත් ‍යෙහෙළියන් ඇති කැතද රූමත් වුනු පසුව සංවාද සගයින් උනුන් මානව දයා,බුද්ධිය ලෙන්ගතුව ඉස්මතු වුනා මිස ඔබට මතකද? සැඟව ගිය' යුරු ඇගේ මන බැඳි/ නොබැඳි රූපය.. ඔබට ඇති මිතුරන් සමීපම කදුළු සුසුමන් නිති බෙදා ගත් ඔවුන්ගේ හද "සාදු ගුණ දම්" මනුෂ්‍යත්වය පිරි ආත්මය පමණක්ම අප මතකෙ රඳවන රූපෙ ඡායාවකිය වියැකෙන ලස්සනය කැත කියා නියමව නොමැත කිසිවක් මෙලොව සැබැවින් සාපේක්ෂයි දකින්නාටම. ඇසින් දකිනා රූපයන් වෙත ආදීනව වැසු ආශ්වාදෙන් සරාගී ලෙස බැඳී ඇලෙමින් සුභයි අසුභයි සුවයි කටුකයි පහළ කරනුයෙ "නිමිති" අපිමයි.. එදා බුදු හිමි දෙසූ විලසට හැදිනගතහොත් රූපයේ ඇති ත්‍රිලක්ෂණ නුවණැසින් දකිමින් "මමය මාගේ "ලෙසින් නොඇලී විරාගිකවම .. විඳීයි රූපය නිස්සරණ ප්‍රතිබිම්බ නිර්මිත දහම් කැඩපත මවන විශ්මිත
කවිය බලන්න
අනිද්‍රාව

අනිද්‍රාව

හෙල්මලී ගුණතිලක ඔස්ට්‍රේලියාව

Translation of the poem ‘Insomnia’ by Linda Pastan මගේ සිරුර මට මිතුරු ව සිටි කාලයක් මට මතක ය නින්ද, හොඳ බල්ලෙකු ලෙසින් හඬ ගැසූ සැණින් ආ හැටි මතක ය ඒ වෙද්දී අනාගතය වෙත ඇරුණු දොර වැසෙන්නට පටන්ගෙන තිබුණේ නැත සීතල ඇඳ රෙදි මැද උඩුකුරුව වැතිර සිටීම පෙර පුහුණුවක් ලෙස දැනුණේ නැත දැන් මඳ ආලෝකයක් ඈතින් මතුවේ එය පෙරදිග ඇඳුනු පැල්ලමක් මෙනි නින්ද, කාර්යබහුල දොස්තර කෙනෙකු සේ අකමැ ත්තෙන් මෙන් මට තම වේලාවෙන් බිඳක් වෙන්කරයි 1932දී උපන් Linda Pastan යුදෙව් පසුබිමක් සහිත ඇමෙරිකානු කිවිඳියකි. මාතෘත්වය, පවුලක් තුළ පැවැත්ම, අහිමිවීම්, වයස්ගතවීම්, මරණය වැනි දේ මාතෘකා කරගත් කවි ලින්ඩාගේ කවි අතර සුලබ ය. මේ වෙද්දී කවි පොත් පහලවක් පමණ පළ කර ඇති Linda Pastan, ඇගේ කාව්‍යකරණය වෙනුවෙන් විවිධ සම්මාන රාශියක් දිනාගෙන තිබේ. Photo by Tom Dick on Unsplash
කවිය බලන්න
තුන් හෙළයටම එරබදුමල් පිපීයන්

තුන් හෙළයටම එරබදුමල් පිපීයන්

ඩී.කේ.හෂාන් සම්පත් සමනලවත්ත

සිව් මන්සලෙන් හොඳ හිත් මුණ ගැසීයන් පින්කම් බොහෝ තුන් සිත පිළිසිඳීයන් අටු කොටු බතින් බුලතින් පිරි වැරීයන් තුන් හෙළයටම එර බදු මල් පිපීයන් පිරි මුව කමල සිනහව මල් ලෙස බැද්දේ හරි හරියට ඇසෙයි කෝකිල ගී සද්දේ කිරි පැණියෙන් ඉතිරි සාමය හඬ මැද්දේ සිරි සුභ මංගලම් සිංහල අවුරුද්දේ වටහාගෙන සසර සරන භව මඟ ගැන අතිර දුක් දොම්නස නසා ලැබිය යුතුයි සුවය සතිර සාමය සමඟිය දස අත හැම හිතකම පැතිර අවුරුදු සිරි පැතිරේවා කිරි පැනියෙන් ඉතිර
කවිය බලන්න
සමනල සඳෙස -10 -11

සමනල සඳෙස -10 -11

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

සමනල සඳෙස -10 2024.03.01 12 සීත ගඟුලේ අසිරිය සමනලයාට උපදෙස් 173. සිතකල උකා දිය බිදු කඳු මුදුන් පිට බිහිකළ උල්පතට පෑහී විටින්-විට සුවිපුල සමන් සුරිඳුගෙ අඩවියේ සිට සිහිතල ගඟුල ගලනා රඟ බලනු වට 174. උස් - පහතක් තරම නොතකා සම ව වැදී වස්සන පොද වැසින් පරයෙන්- පරය මැදී ඇස්වහ නොගන් ඇය යන ලාලිතය ඇදී හිස් නහවමින් ගල් පර දෙයි සතර පැදී 175. සිරි පා පතුල වඳිනුව යන වෙසෙස් දනා පිරිසුදු වනුව බැස ගඟුලෙහි කෙළෙස් මනා කිරිසුදු පෙණ කැටිති පොඩිකර සතොස් පුනා ගිරි නැගි වෙහෙස නිමකොට ඉන් නිදොස් වනා 176. නාලා පැළඳ පිරුවට සුදු - සුසුදු වතේ බීලා කහට උණුසුම රඳවනුව ගතේ මාලා පැළඳ සිතිවිලි වැල් ගෙතෙන සිතේ පාලා සිනහ කොද කැණ් වපුල එ බිම් මතේ 177. පද්දා උකුල් දෙන රුකුලට සුළං රළින් රිද්දා පතුල් ඇගෙ සුමට ව ඇති උපතින් අද්දා විකල් සිහි ඇති වූවකු ම ලෙසින් වද්දා සුරල් රිදුමෙක ගී ගයන මුවින් 178. තැන - තැන නැගෙන නැගි- නැගි බිදුණෙ ද රැල්ලේ පැන - පැන හැපෙන හැපි - හැපි ගැටුණෙ ද කෙල්ලේ මිණ - මිණ සැදෙන සැදි - සැදි එතුණෙ ද තැල්ලේ ගැණ - ගැණ මැදෙන මැදි - මැදි රැදුණෙ ද බෙල්ලේ දත යුතු කරුණු ගොමුව - 8 179. සිත උණු නොවී කිසිවකුටත් මෙල්ල නොවී ඇත සිහිතලේ රැය - දහවල් කෙල්ල රුවී විත දුණු දියෙන් විද හැමට ම සිතල කැවී මෙත පා ඇදීයන් පෙරට ම කොමල නොවී 180. අඩවි කන්ද පසු කළ විට ඇති ගිර හිස ඔසවා ගෙන වර්ණගලයි එ ගිර වටේ ලස්සන බල අසිරිය දෙන රත්නපුරාව ම වටේට දසුනට අසුවන බිම පින එ ගිර බැලුම්ගලක් ද වී දනට පැරැණි සිටි පුර මිණ 181. වර්ණගලේ පහළින් ඇද හැළෙන ඇල්ලෙ විසිතුරු මග ජවයෙන් පෙරළමින් ගිරෙන් බිඳී අවුත් රගනා රඟ වර්ණගලේ දිය ඇල්ලයි උපදන විදුලියෙ උල්පත හිරු ගිර යට වැළලුණු පසු මග සරසන ජල සම්පත 182. සිව් දෙසකින් ලක සිව් දෙසින් ම එන බැති දන හැමට ම විවර ඇතී සමනොල ගිර වට සතර වටින් ඇති මග සැදුමට නිති වරම රුතී ඒ සිව් දෙසකින් කෙලෙස පැමිණිය ද එ හැම මගක් එක මගට ගැතී ඒ මග මුදුණේ මුදුණත මැද්දේ මුණි පා සිරි පා කරනු බැතී 183.කුරුවිට පෙදෙසින් එන මග හමු වෙයි අනෙක් පසින් මග රත්නපුරේ දෙ මග ම මුණ ගැහෙනා තැන වෙයි එහි ගල් වංගෙඩියට වැදුම් පිරේ ඊට මදක් පහළින් මග ඇත්තේ හැරමිටිපානේ පොලීසියයි මකර තොරණ ඇති රත්නපුරේ මග හැටන් මගේ තොරණට යට වෙයි 184. කුරුවිට - එරත්න, මුරේවත්ත - මාලිම්බඩ දෙ මගයි රුවන් පුරේ හැටන් - නල්ලතන්නියේ, රත්නපුර පලාබද්දලයි මං සතරේ එ මං සතර මග ගෙවන තැනේ හමු වන තැන-තැන ඇති කතන්දරේ වෙනස් වුව ද එක මංසන්ධියක දි සිව් මග රජ මාවතට හැරේ 185. වෙහෙස දැනේ නම් ඇති අම්බලමෙ සිට වෙසෙස නැතේ නම් මැළි නිදිමතෙහි ගැට පෙදෙස බලන් ලස්සන නෙතු යොමා වට මෙදෙස පසු කරන් නුඹ යනු ගෙත්තමට 186. ජම්බෝලේ ගහ යට ඇති අම්බලමේ ගිමන් දවා සම්බෝලේ සමග ඉතින් සුදු හාලේ බතුත් කවා මං බාලේ සමනල ගිර කරුණා කළ දිනය මවා බං රාළේ බතුත් කවපු හැටි මතකයි පවස නිවා 13.ඉදිකටුපානයි - ගෙත්තම්පානයි සමනලයාට උපදෙස් 187. ඉදිකටුපානින් ගෙන නූල ද අමුණා ඊට අගින් වැඩී සිටිනවුන් පෙන්වති ඇස් පෙනුමැති බවට සොදින් නූල දිගින් කියැවෙන්නේ වයසයි වසකට අඩිය බැගින් ඉදිකටුවෙන් පෙන්වන දස්කම් ගෙත්තම්පානින් බලන් ඉදින් 188. රැහැන් - රැහැන් බැඳි ගෙතුම් වැටක් සේ දසුන් ගෙනේ බැලු විට ඈතින් රැහැන් - රැහැන් පට එතෙයි - එතෙයි තව තම අබිමන දනවා දෑතින් රැහැන් - රැහැන් ගෙන ඉඳිකටුවක බල විකුමන් පා විසිතුරු ගොතමින් රැහැන් - රැහැන් බැඳ ඔවුන් කියන්නෙ ද ඔවුනගෙ දස් - විස්කම් එලෙසින් 189. ගෙත්තම් කරලා ගෙත්තම්පානේ එනු ඉදිරියට ම ප්‍රිය මිතුරේ වත්තම් කරගෙන හැරමිටි අල්ලා යන පිරිසට ඉඩ දෙනු සොයුරේ අත්කම් කළ අත්තම්මල - සීයල නෑනල - බෑනල එක පොකුරේ විස්කම් ලෙස කළ ගෙත්තම් ගැන නැන්දල - ලේලිල නම් කරති පොරේ 190. මාමයි නැන්දයි - අයියයි අක්කයි නංගියි - මල්ලියි එක ම නඩේ කෝඩුවෙ යන හැම දෙනාගෙ පස්සෙන් ආ - රස්සාවට සිටින හැඩේ කිට්ටු වෙලා ඔවුනගේ කතාවට සවන් යොමනු මැන නොබැණ තුඩෙන් මට්ටු කරන හැටි එකිනෙකා පරයා හරඹෙට වන් දෙ පිරිසේ වැඩෙන් 191. යනෙන හැම දනාත නැති මුත් නුඹ ළං වෙන තැන හැරමිටිපානයි තැන හමු වෙන තෙක් හැරමිටි ගසමින් පෙළක් දනන් මිට හැර යන තානයි අත්තල මුත්තල - නත්ත පනත්තල කිත්තල හැරමිටි අත හැර දැමුවයි දෑතේ දෙ පයේ සවියේ ඇගෙ තිබු මෙ අයුරින් පෙන්වූ හැටි කදිමයි 192. තමන් වාරු ගත් එතෙක් තමුන් ළග ගමනට - බිමනට තිබු හැරමිටි ය ගමන් ගිහින් වැද එන්නට සිරි පා සමන් ගිරට බුදු හිමි වැඩිය මෙවන් ලෙවන් පෙර දවස සිටිය මුත් අද දකිනට නැත ගත සවිය ගණින් නෙතින් යුග පියපත් පිස දා අත හැර යන හැරමිටි පොදිය 193. හැරමිටි ගැණලා හැරමිටිපානත් පසු කළ පසු ඇති අම්බලමේ වෙහෙස නිවා ගනු සමනල සුමිතුර නොනිදා විඳ පරිසර අරුමේ කටුකිතුලයි අම්බලමේ නම එහි රැදෙමින් ගොනුකර ගුණ කරුණූ තටු සිඳිලයි නුඹෙ වරිගෙ නැහෙන්නේ ඒ බව දැන කටයුතු කරනූ 194. හැරමිටිපානෙදි දුටුව ගලක් වෙ ද ඇද තිබු සලකුණු නුඹට අමතක ද පෙර රජ දවසෙදි යතිවරු රජවරු ධන උරුමය සැගවූ බව දනුව ද පුරවර දෙවිවරුනගෙ රැකවරණය මැද අපෙ උරුමය සගවා තැබුව ද දුර නොසිතන නරුමයනගෙ ඇස් ලොද මේ උරුමෙට අණ - විණ කොඩි බැන්දෙ ද 195. අප උරුමය රැක ගත යුතු බව දත් බොහෝ පිරිස් එය වනසන ඇති සිත් ඇත්තන් බව පැහැදිලි ලෙස නුඹටත් දැනුණේ නම් නැත එයි වරදක් දත් තමන්ට ඇත්නම් පමණි සියලු දැය දැයෙහිවුන්ට නම් කොහොම වෙතත් එහෙම සිතන දුර්ජනයින් හමුවෙහි නුඹ අසරණ වෙයි නැති සිත් - පිත් දත යුතු කරුණු ගොමුව - 9 ආඩියා මළ තැන්න 196. මග තෙපළන්නට කටමැත දොඩමින් කාලය කා නොදමා හනික ඉදිරියෙ ඇති මහ සුමන සමන් දෙවොලට පිවිසෙනු නොරැදී තැනක නල්ලතන්නියේ හැටන් මගෙහි ඇති මකර තොරණ දුටුවෙන් දිනක රත්නපුරා මග හමුවෙන තොරණේ වෙනස කියනු ඇති දෑ රැසක 197. පැමිණි අරමුණත් - ආරක්ෂාවත් දෙ කරැණු මැනැවින් ඉටුකර දෙන සේ සදෙසෙ ගමන් මග අවසන් වන තුරු නුඹ රැක දෙන ලෙස මූළික වන සේ සමන් සුරිදු වැද පඩුරු ගැට ගසා දකුණු පසෙහි ඇති පිළිම වහන්සේ අභියස තිසරණයෙහි සිත පිහිටා පන්සිල් පද මුමුණනු නුඹ සිත් සේ 198. ඉන්පසු හමු වන තැන පිළිබද තතු රැසකට ඉතිහාසයට ම භාරයි “ආඬිය මළ තැන” ලෙස නම් වී ඇති තැන ගැන “ජනපරවාදය” බෝමයි ටිකිරි කුමරු රජු රාජසිංහ සිරි පා කරුණාකොට “මළුව” සෑදුවයි ඉන්පසු ශිව භක්තික ජනයා හට වදිනට අවසර දුන් බව කියැවෙයි 199. තවත් කතාවෙකි මේ ගැන ආඬිය මළ තැන්නට ම ඇතී ශිව භක්තික පූජකයකු වූයේ යැයි බොහො දනෝ ද පවස ඇතී පෙර දවසේ “සන්නාසිය” ලෙසින් මැ ඇමතූ මිනිසකු වයස ඇතී දිවිය ගෙවා මළ බව කියැවෙයි ඒ පළාත භාර ව ඉදල ඇතී සමනල සඳෙස -11 2024.04.01 14. ඇසල කණුවෙ දී පිරුවට ඇන්දයි සමනලයාට උපදෙස් 200. එ කරුණු - මෙ කරුණු සිත යට සඟවා තව - තව ඉදිරියට ම යන්න ඇතිරුණු - පැතිරුණු මීදුම අස්සෙන් හෙමින් - හෙමින් තටු සොලවන්න රස දුන් - සැඟවුණු තවත් කතා ඇත එ පුවත් හොද හැටි දැනගන්න සුද දුන් - සුදු හුණු ගෑ විලැසති සළු පිරුවට සේ ඇග පළඳින්න 201. නුඹට දකින්නට හැකි වෙයි ඉදිරියෙ යන මග වම් පස පිහිටි ගලක් ඇහැල කණුව අසලයි ඒ ගල හිස එ මත තබති දනෝ පෙළක් ගමනට ආරක්ෂාවක් පතනා බව කියති දනෝ මෙතෙක් කලක් ඔලුව තබා ඒ ගල මත ඉල්ලා සිටිති පළඳා පිරුවට සළුවක් 202. ඇහැල කණුව පසු කළ විට සුමිතුර හමු වන මග ගිරි දඹය නගින්නට ලෙහෙසි - පහසු කටයුත්තක් නොවුණ ද කරුණා කරනු සමන් දෙවි පිහිටට බිය සංකා නොමැති ව නොපැකිල ව ද ඉදිරියට ම යව් නගිමින් පියගැට සතුටක් ගෙන දේ තබන - තබන පය නිම වෙන සද තරණයකොට ඉහළට 203. මහගිරිදඹ පිය මැන උස නොබලා දිගින් - දිගට පියපත් යුග ගසලා නැගෙන වෙහෙස මදකට දුරු කරලා ඇතුළු වෙන්න රජ මාවත සොයලා ගිරි දුරු මග තරණයකොට යන ඔබ රජ මාවත ඔස්සේ පිය නගලා බලාගෙනයි මග සුළං කපොල්ලක් වෙයි සිරි ගිරි වට දුවයි හඹාලා 204. සුළං කපොල්ලෙන් බැහැර ව යන තෙක් නොපියඹ පිය මැන - මැන යන්න සුළං රළ ද අති බියකරු වෙයි දිය රළ වාගෙ ම නුඹ දැන ගන්න සුළං රළට ඇති “හැකිකම්” අතරේ හැක පියපත් නුඹෙ සිද ලන්න 205. සීරුවට - මාරුවට තැබූ අඩියෙන් - අඩි ය * වාගෙ ගිරි දඹේ දී නැග්ග පඩියෙන් - පඩි ය මීදුමින් වැසී ගත් අඩවි සිව් ගිරි හිස් ය බලා සිටිනා මළුව දෙස රක්ඛ බල සේ ය විටින් - විට මළුව වෙත එවන හී සර සේ ය හඹයි රකිනායුරින් වේරම්භ වාත ය *(හපද කවි රටාවට ලියූවක්) 206. නුඹට තේරුණු වගයි - නුඹ ද ඉන් දිනු බවයි ** සුලං රළ ප්‍රමාදයි - නුඹේ වේගය වැඩියි ඇති කපොලු පැන ගන්න - “සැකසුරුවම” හොදයි සිතට බිය ගෙන දෙන්නෙ - මටත් නුඹටත් නොවෙයි නුඹේ තටු සිඳේ නම් - මා කුමක් කරනු මැයි! **(නිසදැස් - සැහැලි රටාවට ලියූවක්) 207. කපොල්ල පැන සුළං රළට මුවා ව පෙර ගමන් ගත්ත විකල්ප නැත රජ මාවත ඔස්සේ තව දුරක් ගත්ත වම් පස හමු වන එ මගෙහි “ භගවා ලෙන” නමක් ගත්ත සෙල්ලිපි සමුදායකි එහි තුළ රජෙකුගෙ රුවක් ගත්ත 208. සිරි නිස්සංක මල්ල - නම් රජු සිරි පා වැන්ද ලෙසට කොටා ඇති රුව - රජු මැයි කියති මන්ද ඇති සෙල්ලිපිවලින් පවා - මේ බව තහවරු වෙමින් ද පවතින බැව් පුරවිදු පඩිවරු - පවසති පවුරු බැන්ද 209. භගවා ලෙන පසු කළ පසු මුණි සිරි පා වැඩ ඉන්නා ඉහළ මළුව පෙනෙයි පැරණි රජ දහනක සිරි ගන්නා වාම පාද ලාංචනය තැබු බැව් දෙවි ඇරැයුමෙනා තාම බොදු දනන්ගෙ දෑත් හිස් මුදුණින් එසැවෙන්නා 210. මැදියම පසු වී ගමන් කරන විට නිදිමල හිටි වන පූදී නම් මදක් නතර වී ඇල් දිය බිඳු ගෙන නෙත් කොපු අගටත් වෑහී නම් උඩ මළුවේ දී දකිනට ඇති දෑ නුඹෙ නෙත් සගලට ඔිනෑ නම් හිරු දෙවි නැගෙනට පෙරතුව මළුවට යන එක හොඳ පෙර සූදා නම් 211. තේවා කාලයෙදි සොඳින් කටයුතු දැනුවත් වුණාට සේවා රැස කොපමණ දැයි සමනල දන්නේ නැතිවට මේවා නැත අයාලයට සිද්ධ වෙන්නේ හිතුමතේට වේවා තුනුරුවන් පිහිට නුඹටත් යන නුඹේවුන්ට 212. සිරිමත් සිරි පා වැද හිස නම්වා සිරි පා ගල මත නුඹෙ හිස තබලා කිරිකෝඩුවෙ ගිය නුඹ ගැන දනවා කපු මහතුන් නිති සෙත් කවි කියලා අසිරිය සිරි දෙන සිරි පා දුටුවා යන සිතිවිලි නුඹෙ සිත පුරවාලා ඒ අසිරිය විඳ මුසපත් වේවා ගමට එන්ට නිති සිත පැහැදීලා 213. නිදි ගත් ලකඹර එලිය කරන්නට ඉරු දෙවියන් ලොව බලන උදෑසන ඒ අරුමය දැක ගනු මා සමනල සිත තව ඉපිලෙයි සතුට දරාගෙන ඉර සේවය හිරු නැගෙන වෙලාවට වළා පෙළ ද නෙක වණින් පාටගෙන විහිදෙන අරුණලු රැස් මල් පොකුරෙන් සිරිලක් කොමලිය සැනැහෙයි සිපගෙන 214. පෙරඹර දෙස ගිර මුදුණේ සවි කර ඇති සීණුවේ නාද රටා මවන දෑත් දුටුවෙ ද මගෙ යාළුවේ වරක් - දෙකක් - තෙවරක් සිව් වරක් වඳින වාරයේ පැවසෙයි ඉන් පැමිණි ගණන මළුවට හැම නාදයේ 215. සමනල නුඹෙ කෝඩු ගමන මේ වර හින්දා හිතවත කළබල සිතනැති ව වරක් නාද කරනු දැන පුරවත දිරි බල ගෙන සිතට -ගතට යළිත් දිනෙක පින් බිම වෙත එන කල නින්නාද කරනු ඝණ්ඨාරය ඇද පින්වත 216. දඩුකෝඩුවෙ යන වැඩී සිටිනවුන් කියන - කරන දේ සිතට ගනිල්ලා කිරිකෝඩුවෙ යන කොයි - කවුරුත් යස පාඩමකට මෙන් අහුල ගනිල්ලා සිරි පා වැන්දා හිරු දෙවි බැලුවා සමන් දෙවිඳුටත් පින් දීපල්ලා තෙරුවන් සරණින් දෙවියන් පිහිටෙන් හෙමින් සීරුවට ගිර බැහැපල්ලා 13. ඉතිහාසයෙන් බිදක්... 217. අට වසකට පසු බුදු බව ලැබ ගත් ශාන්ති නායක බුදුන් වහන්සේ කැළණියෙ මණිඅක්ඛික නා රජුගේ මැදුරට වැඩියේ ඇරයුම් කළ සේ සුමන සමන් දෙව් රද ඒ බව දැන කළ ආරාධනයත් පිළි ගත් සේ සමනල ගිර හිස සමන් අඩවියේ වම් පා සටහන් තැබු බව පැවසේ 218. භාතිකාභය රජුගේ දවසෙදි තිබුණේ ලස්සන මල් උයනක් ඒ උයනේ සිටි උයන්පල්ල විය අත්-පා හිමි නැති කොට මිනිසෙක් රජ උයනට විත් මල් අඩු බව දැන විමසා සිටියේ විස්තරයක් කොටා එදින සිට මල් හොරකම් කළ උදවිය සෙව්වේ දින ගණනක් 219. දින ගණනක් මල් උයනේ සැංගී උයන්පල්ල හොරු කවුරුන් දැයි සොයමින් සිටියේ රැයත්- දවාලත් “රජ අණ නොකඩා සොයනේ මැයි” සුර අඟනුන් නෙක මල් නෙළනා බැව් සිත දැඩි මේ මිනිසා දුටුවැයි අගනක් අල්ලා ඇයගෙන් ඇසුවැයි “මල් සොරකම කිම කරනුයෙ ඇයි” 220. එ සද එ අඟනෝ බොහොම ප්‍රීතියෙන් “ බුදු හිමි සිරි පා වදිනට ගන්නේ මේ මල් උයනේ නෙක මල් පුදමින් සමනල ගිර මුදුණට අප යන්නේ” සමනල ගිර කොහිදැයි විමසීමෙන් ඊට ද පිළිතුරු බැඳි බව දන්නේ “අප මල් දමමින් යන මග දිගට ම මහ පිරිවර ගෙන පිය මැන එන්නේ” 221. මේ අයුරිනි සමනල ගිර ඇති තැන කොටා විසින් සොයලා දී ඇත්තේ රජු ද එ තැන් සිට හැම අවුරුද්දෙ ම සිරි පා කරුණා කරනුව මත්තේ රාජ උණුසුමත් රාජ ගෞරවය මැද සිරි පා බිම “පින් බිම” ගත්තේ බුදුන් දහම් හා සගුන් සරණ යන සැම දන - මන සිරි පා සිරි මත්තේ 222. කිතුණු බැතිමතුන්ගේ විශ්වාසය ඒදන් උයනෙන් උපන්න දිය ගඟ සතර දිශාවට ගලමින් ඇති බව ඒ නිසා ම මේ සමන් ගිරේ රඟ ලොවේ මුල් ම මිනිසා ආදම්ගේ පා සටහන් තැබු ස්ථානය වග විශ්විසය කරනා බව මෙ තැනේ සදහන් නූවත් ලිය-කියවිලි මග 223. අරාබි දේසේ මුස්ලිම් ඇත්තන් සහ ලක අනෙකුත් මුස්ලිම් මිනිසුන් “නබිතුමාගෙ පා සටහන” වන්නේ එනිසා “ආදම්මලේ යැ” කියමින් තවත් දුරට උහු තවත් නමක් දී “පබාදමලේ යැ” ඔවුන් පවසමින් බුදු හිමි සිරි පා පාද වදින්නේ ඉතිහාසෙට ඇති නෑකම් සොයමින් 224. හින්දු බැතිමතුන් *ශිව භක්තිකයන් රාජසිංහ රජු සීතාවක සිටි පැවරු නිසාවෙන් ඊට මුවා වී *“ශිවනඩිපාදම්” යනුවෙන් එ ද හිටි දනන් නම් කෙළේ යැයි පැවසෙන්නේ *“ශිවන්ඩල්පාදම්” යනු ද එදා පිටි දෙනා පැවසු බව අයාලයට හෝ ශිලා ලිපියකින්වත් නැති ව ද දිටි (*ශිවන් ඔලි පාදම් මැලේ - ශිවදෙවියන්ගේ පාදාලෝකනය) 225. මෙසේ පුරාවත කෙසේ තිබූ ව ද ගෞතම මුණිදුගෙ සිරි පා සටහන තොසේ හද දරා සැනැහි - සැනැහි අද බොහො දනෝ වඳිතෙයි සිත් සනහන ගිරි ඉතිහාසය පිළිබද සටහන් ඉතිහාසය තුළ වළ ලා සතපන සිරිලක වැසියන් සියලු දෙනාට ම විවරයි පත් දොරටුවෙ සමනල රන (මතු සම්බන්ධයි.) සමනල සඳෙස -11 2024.04.01 14. ඇසල කණුවෙ දී පිරුවට ඇන්දයි සමනලයාට උපදෙස් 200. එ කරුණු - මෙ කරුණු සිත යට සඟවා තව - තව ඉදිරියට ම යන්න ඇතිරුණු - පැතිරුණු මීදුම අස්සෙන් හෙමින් - හෙමින් තටු සොලවන්න රස දුන් - සැඟවුණු තවත් කතා ඇත එ පුවත් හොද හැටි දැනගන්න සුද දුන් - සුදු හුණු ගෑ විලැසති සළු පිරුවට සේ ඇග පළඳින්න 201. නුඹට දකින්නට හැකි වෙයි ඉදිරියෙ යන මග වම් පස පිහිටි ගලක් ඇහැල කණුව අසලයි ඒ ගල හිස එ මත තබති දනෝ පෙළක් ගමනට ආරක්ෂාවක් පතනා බව කියති දනෝ මෙතෙක් කලක් ඔලුව තබා ඒ ගල මත ඉල්ලා සිටිති පළඳා පිරුවට සළුවක් 202. ඇහැල කණුව පසු කළ විට සුමිතුර හමු වන මග ගිරි දඹය නගින්නට ලෙහෙසි - පහසු කටයුත්තක් නොවුණ ද කරුණා කරනු සමන් දෙවි පිහිටට බිය සංකා නොමැති ව නොපැකිල ව ද ඉදිරියට ම යව් නගිමින් පියගැට සතුටක් ගෙන දේ තබන - තබන පය නිම වෙන සද තරණයකොට ඉහළට 203. මහගිරිදඹ පිය මැන උස නොබලා දිගින් - දිගට පියපත් යුග ගසලා නැගෙන වෙහෙස මදකට දුරු කරලා ඇතුළු වෙන්න රජ මාවත සොයලා ගිරි දුරු මග තරණයකොට යන ඔබ රජ මාවත ඔස්සේ පිය නගලා බලාගෙනයි මග සුළං කපොල්ලක් වෙයි සිරි ගිරි වට දුවයි හඹාලා 204. සුළං කපොල්ලෙන් බැහැර ව යන තෙක් නොපියඹ පිය මැන - මැන යන්න සුළං රළ ද අති බියකරු වෙයි දිය රළ වාගෙ ම නුඹ දැන ගන්න සුළං රළට ඇති “හැකිකම්” අතරේ හැක පියපත් නුඹෙ සිද ලන්න 205. සීරුවට - මාරුවට තැබූ අඩියෙන් - අඩි ය * වාගෙ ගිරි දඹේ දී නැග්ග පඩියෙන් - පඩි ය මීදුමින් වැසී ගත් අඩවි සිව් ගිරි හිස් ය බලා සිටිනා මළුව දෙස රක්ඛ බල සේ ය විටින් - විට මළුව වෙත එවන හී සර සේ ය හඹයි රකිනායුරින් වේරම්භ වාත ය *(හපද කවි රටාවට ලියූවක්) 206. නුඹට තේරුණු වගයි - නුඹ ද ඉන් දිනු බවයි ** සුලං රළ ප්‍රමාදයි - නුඹේ වේගය වැඩියි ඇති කපොලු පැන ගන්න - “සැකසුරුවම” හොදයි සිතට බිය ගෙන දෙන්නෙ - මටත් නුඹටත් නොවෙයි නුඹේ තටු සිඳේ නම් - මා කුමක් කරනු මැයි! **(නිසදැස් - සැහැලි රටාවට ලියූවක්) 207. කපොල්ල පැන සුළං රළට මුවා ව පෙර ගමන් ගත්ත විකල්ප නැත රජ මාවත ඔස්සේ තව දුරක් ගත්ත වම් පස හමු වන එ මගෙහි “ භගවා ලෙන” නමක් ගත්ත සෙල්ලිපි සමුදායකි එහි තුළ රජෙකුගෙ රුවක් ගත්ත 208. සිරි නිස්සංක මල්ල - නම් රජු සිරි පා වැන්ද ලෙසට කොටා ඇති රුව - රජු මැයි කියති මන්ද ඇති සෙල්ලිපිවලින් පවා - මේ බව තහවරු වෙමින් ද පවතින බැව් පුරවිදු පඩිවරු - පවසති පවුරු බැන්ද 209. භගවා ලෙන පසු කළ පසු මුණි සිරි පා වැඩ ඉන්නා ඉහළ මළුව පෙනෙයි පැරණි රජ දහනක සිරි ගන්නා වාම පාද ලාංචනය තැබු බැව් දෙවි ඇරැයුමෙනා තාම බොදු දනන්ගෙ දෑත් හිස් මුදුණින් එසැවෙන්නා 210. මැදියම පසු වී ගමන් කරන විට නිදිමල හිටි වන පූදී නම් මදක් නතර වී ඇල් දිය බිඳු ගෙන නෙත් කොපු අගටත් වෑහී නම් උඩ මළුවේ දී දකිනට ඇති දෑ නුඹෙ නෙත් සගලට ඔිනෑ නම් හිරු දෙවි නැගෙනට පෙරතුව මළුවට යන එක හොඳ පෙර සූදා නම් 211. තේවා කාලයෙදි සොඳින් කටයුතු දැනුවත් වුණාට සේවා රැස කොපමණ දැයි සමනල දන්නේ නැතිවට මේවා නැත අයාලයට සිද්ධ වෙන්නේ හිතුමතේට වේවා තුනුරුවන් පිහිට නුඹටත් යන නුඹේවුන්ට 212. සිරිමත් සිරි පා වැද හිස නම්වා සිරි පා ගල මත නුඹෙ හිස තබලා කිරිකෝඩුවෙ ගිය නුඹ ගැන දනවා කපු මහතුන් නිති සෙත් කවි කියලා අසිරිය සිරි දෙන සිරි පා දුටුවා යන සිතිවිලි නුඹෙ සිත පුරවාලා ඒ අසිරිය විඳ මුසපත් වේවා ගමට එන්ට නිති සිත පැහැදීලා 213. නිදි ගත් ලකඹර එලිය කරන්නට ඉරු දෙවියන් ලොව බලන උදෑසන ඒ අරුමය දැක ගනු මා සමනල සිත තව ඉපිලෙයි සතුට දරාගෙන ඉර සේවය හිරු නැගෙන වෙලාවට වළා පෙළ ද නෙක වණින් පාටගෙන විහිදෙන අරුණලු රැස් මල් පොකුරෙන් සිරිලක් කොමලිය සැනැහෙයි සිපගෙන 214. පෙරඹර දෙස ගිර මුදුණේ සවි කර ඇති සීණුවේ නාද රටා මවන දෑත් දුටුවෙ ද මගෙ යාළුවේ වරක් - දෙකක් - තෙවරක් සිව් වරක් වඳින වාරයේ පැවසෙයි ඉන් පැමිණි ගණන මළුවට හැම නාදයේ 215. සමනල නුඹෙ කෝඩු ගමන මේ වර හින්දා හිතවත කළබල සිතනැති ව වරක් නාද කරනු දැන පුරවත දිරි බල ගෙන සිතට -ගතට යළිත් දිනෙක පින් බිම වෙත එන කල නින්නාද කරනු ඝණ්ඨාරය ඇද පින්වත 216. දඩුකෝඩුවෙ යන වැඩී සිටිනවුන් කියන - කරන දේ සිතට ගනිල්ලා කිරිකෝඩුවෙ යන කොයි - කවුරුත් යස පාඩමකට මෙන් අහුල ගනිල්ලා සිරි පා වැන්දා හිරු දෙවි බැලුවා සමන් දෙවිඳුටත් පින් දීපල්ලා තෙරුවන් සරණින් දෙවියන් පිහිටෙන් හෙමින් සීරුවට ගිර බැහැපල්ලා 13. ඉතිහාසයෙන් බිදක්... 217. අට වසකට පසු බුදු බව ලැබ ගත් ශාන්ති නායක බුදුන් වහන්සේ කැළණියෙ මණිඅක්ඛික නා රජුගේ මැදුරට වැඩියේ ඇරයුම් කළ සේ සුමන සමන් දෙව් රද ඒ බව දැන කළ ආරාධනයත් පිළි ගත් සේ සමනල ගිර හිස සමන් අඩවියේ වම් පා සටහන් තැබු බව පැවසේ 218. භාතිකාභය රජුගේ දවසෙදි තිබුණේ ලස්සන මල් උයනක් ඒ උයනේ සිටි උයන්පල්ල විය අත්-පා හිමි නැති කොට මිනිසෙක් රජ උයනට විත් මල් අඩු බව දැන විමසා සිටියේ විස්තරයක් කොටා එදින සිට මල් හොරකම් කළ උදවිය සෙව්වේ දින ගණනක් 219. දින ගණනක් මල් උයනේ සැංගී උයන්පල්ල හොරු කවුරුන් දැයි සොයමින් සිටියේ රැයත්- දවාලත් “රජ අණ නොකඩා සොයනේ මැයි” සුර අඟනුන් නෙක මල් නෙළනා බැව් සිත දැඩි මේ මිනිසා දුටුවැයි අගනක් අල්ලා ඇයගෙන් ඇසුවැයි “මල් සොරකම කිම කරනුයෙ ඇයි” 220. එ සද එ අඟනෝ බොහොම ප්‍රීතියෙන් “ බුදු හිමි සිරි පා වදිනට ගන්නේ මේ මල් උයනේ නෙක මල් පුදමින් සමනල ගිර මුදුණට අප යන්නේ” සමනල ගිර කොහිදැයි විමසීමෙන් ඊට ද පිළිතුරු බැඳි බව දන්නේ “අප මල් දමමින් යන මග දිගට ම මහ පිරිවර ගෙන පිය මැන එන්නේ” 221. මේ අයුරිනි සමනල ගිර ඇති තැන කොටා විසින් සොයලා දී ඇත්තේ රජු ද එ තැන් සිට හැම අවුරුද්දෙ ම සිරි පා කරුණා කරනුව මත්තේ රාජ උණුසුමත් රාජ ගෞරවය මැද සිරි පා බිම “පින් බිම” ගත්තේ බුදුන් දහම් හා සගුන් සරණ යන සැම දන - මන සිරි පා සිරි මත්තේ 222. කිතුණු බැතිමතුන්ගේ විශ්වාසය ඒදන් උයනෙන් උපන්න දිය ගඟ සතර දිශාවට ගලමින් ඇති බව ඒ නිසා ම මේ සමන් ගිරේ රඟ ලොවේ මුල් ම මිනිසා ආදම්ගේ පා සටහන් තැබු ස්ථානය වග විශ්විසය කරනා බව මෙ තැනේ සදහන් නූවත් ලිය-කියවිලි මග 223. අරාබි දේසේ මුස්ලිම් ඇත්තන් සහ ලක අනෙකුත් මුස්ලිම් මිනිසුන් “නබිතුමාගෙ පා සටහන” වන්නේ එනිසා “ආදම්මලේ යැ” කියමින් තවත් දුරට උහු තවත් නමක් දී “පබාදමලේ යැ” ඔවුන් පවසමින් බුදු හිමි සිරි පා පාද වදින්නේ ඉතිහාසෙට ඇති නෑකම් සොයමින් 224. හින්දු බැතිමතුන් *ශිව භක්තිකයන් රාජසිංහ රජු සීතාවක සිටි පැවරු නිසාවෙන් ඊට මුවා වී *“ශිවනඩිපාදම්” යනුවෙන් එ ද හිටි දනන් නම් කෙළේ යැයි පැවසෙන්නේ *“ශිවන්ඩල්පාදම්” යනු ද එදා පිටි දෙනා පැවසු බව අයාලයට හෝ ශිලා ලිපියකින්වත් නැති ව ද දිටි (*ශිවන් ඔලි පාදම් මැලේ - ශිවදෙවියන්ගේ පාදාලෝකනය) 225. මෙසේ පුරාවත කෙසේ තිබූ ව ද ගෞතම මුණිදුගෙ සිරි පා සටහන තොසේ හද දරා සැනැහි - සැනැහි අද බොහො දනෝ වඳිතෙයි සිත් සනහන ගිරි ඉතිහාසය පිළිබද සටහන් ඉතිහාසය තුළ වළ ලා සතපන සිරිලක වැසියන් සියලු දෙනාට ම විවරයි පත් දොරටුවෙ සමනල රන (මතු සම්බන්ධයි.) 2024.04.01
කවිය බලන්න
කෝ---/--කෝ-/හා---/----

කෝ---/--කෝ-/හා---/----

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

කෝ---/--කෝ-/හා---/---- නෑ-ගම්/ආ-වා-/දෝ---/--හා-/හා--- 20204.04.01 සීත දුරුත්තේ කෙවිලිය හා පෙම් ගඟුලේ රස දැඟලිලි පා වසර ලබා තෙමසක් ගිය දා නුඹ පවසන්නේ කිම හඬ ලා--- කෝ---/--කෝ-/හා---/---- නෑ-ගම්/ ආ-වා-/දෝ---/--හා-/හා--- කපුටු කූඩුවක ඇස ගැටිලා කිරල ගහේ අත්තක ගසලා “කොහෝ - කොහෝ” කියමින් ගයලා කරනු ද නුඹ ඔච්චම් කොවුලා--- කෝ---/--කෝ-/හා---/---- නෑ-ගම්/ ආ-වා-/දෝ---/--හා-/හා--- “පරපුටුකම” නුඹ ගෙන ආවේ උපතින් ම ද කොවුලෝ රාළේ කෙවිලිය දෝ ඒ බව කීවේ “උපායටයි” නුඹගේ නාදේ--- කෝ---/--කෝ-/හා---/---- නෑ-ගම්/ ආ-වා-/දෝ---/--හා-/හා--- ගුරු පාටැති ගුරු කොහා කොහේ කවුඩු කොහා නුඹෙ එක ම රැහේ ගෝමර - මල් - වයිර ද පෑහේ කොණ්ඩ කොහා - උකුසු ද දෑහේ--- කෝ---/--කෝ-/හා---/---- නෑ-ගම්/ ආ-වා-/දෝ---/--හා-/හා--- “කපටිකමට” නුඹ නාද කරන්නේ කපුටුහාමිගේ ලෙය උණු වෙන්නේ නුඹ පසුපස උහු හඹා සරන්නේ කෙවිලිය අවසරයෙන් බිජු ලන්නේ--- කෝ---/--කෝ-/හා---/---- නෑ-ගම්/ ආ-වා-/දෝ---/--හා-/හා--- කපුටු යුවළ නෑ ඒ බව දන්නේ කපුටු හාමිනේ බිජු ද රකින්නේ එළියට එන පැටවුන් දැඩි වන්නේ එවිටයි කපුටගෙ නුවණ වැඩෙන්නේ--- කෝ---/--කෝ-/හා---/---- නෑ-ගම්/ ආ-වා-/දෝ---/--හා-/හා--- නුඹගේ “අවුරුදු සෙල්ලම” දන්නේ “අවුරුදු” කියලයි මාසෙ දැනෙන්නේ “මීන” රැසින් “මේසයට” වඩින්නේ එවිටයි කවුරුත් “අවුරුදු” කන්නේ! ***
කවිය බලන්න
සඳ රැසින් මත්ව

සඳ රැසින් මත්ව

කපිල කුමාර කාලිංග

සුදු පෙණ පොකුරු පිරී ඉතිරෙන සඳ බඳුන ඈ මුවග සිප ගනී මදින් මද මත්ව ඈ විදා සළු පිළි දිව යයි ධවල රාත්‍රිය තුළට නිදිගත් මලින් පිරි ලිය මඩුළු අතර සැදුණු ඕවිලි යහනක වැතිරෙයි ඇය අඩවන් නෙත් බලා සිටී තරු කැට ද දියවුණු අහස් කුස දෙස මී පැණි පැහැති පියයුරු තුඩු නැහැවෙයි සඳ කිරි වතුරෙන් කළු කුහුඹුවෙක් සෙමෙන් සෙමෙන් ඇදෙයි පහළට ඈ වසා- රොද මත 24/03/02
කවිය බලන්න
බක්මහ අසිරිය

බක්මහ අසිරිය

ලුෂානි දමයන්ති කැකිරාව

තුරුලිය ගොමුව සෙලවෙයි සිලි සිලියෙ දලූ අතුමත බරව නැමිලයි පලතුරුද වලූ දුරුවිය රටට තිබුණත් පෙර යුගය කලූ අවුරුදු කුමරි ඇවිඳින් හැද පැළඳ සලූ එරබඳු ගසුත් රතු පාටට හැඳන් රෙදී පෙරමග තුටින් හිනහීගෙන බලන් හිදී දෙවැටෙහි නිදන් සිටි වැටකේ මලුත් සැදී සුවදට බිඟුන් සහ බඹරුන් ඇවිත් ඇදී පුහුලම් බරින් කජු ගස් රන් තොරණ වගේ වවුලන් ඇවිත් රැය තිස්සේ කරන දඟේ උදයෙන් ගිරව් අතු මත්තේ රඟන රඟේ සවනන් පිනයි ගයනා ගී මිහිර අගේ බක්මහ සමයෙ අහසත් දිය බිමට හලා රත් වුණු දෙරණෙ උණුසුම් බව දුරට කළා ඔන්චිලි බදින යුගයත් යළි පැමිණ බලා ගම්බද දරුවො සතුටින් ඇත සිනහ සලා කොවුලගෙ නදින් තුරුළිය ගොමු නැළවෙද්දී දැනුණයි කැවුම් කිරිබත් වල රස කද්දී නැකතට පත්තු කල වෙඩි හඬ රැව් දෙද්දී සැණෙකිළි බවින් මුළු ගම යනවයි පැද්දී කැකිරාව
කවිය බලන්න
මිය ගිය අවුරුද්ද

මිය ගිය අවුරුද්ද

ගමගේ ලයනල්

කොහා හිටි අතක් නෑ අත්තක් ම බැලූ කල කැවුම් කිරි බතක් නෑ ලිග්ගලේ මකුණු දැල හිරමනේ හඬක් නෑ ගල් ගැහී බිත්ති මුල බඩේ ගිනි දැවෙනවා බක් මහේ අකුණු සැර මලක් එරබදු කොයි ද? ඉනි වැටක් අසල නැත රබන් පද හඬ කොයි ද? බෆල් හඬ තලන කල පලක් නෑ ආදරේ නැතුව බටනලා හඬ ඒ නිසා මිය ගිහිං අපේකම දැණුනු සිත
කවිය බලන්න
මිසු දිටි තොරෙන් දිවි ගෙවීම

මිසු දිටි තොරෙන් දිවි ගෙවීම

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

"විභාගය හෙටයි යමු පඬුරක් දෙන්ට, හොඳටම ලියයි මතකය අඩු නැති වෙන්ට", නොපෙනෙන දෙයින් ඇයි මේ හැටි ඉල්ලන්ට, වැඩිහිටි වෙහෙසෙන්නෙ දරු නොමගට යවන්නට. "සැත්කම කෙරුන යහතින් දිවි රැක දෙන්න, යමු අපි හෙටම උන භාරය පුද දෙන්න," අමතක උනිද? වෙද හෙදියන් වෙර දුන්න? ගිලන් ඔබවටා සිටි හට පුද දෙන්න. අලුතින් ගෙනා රථයට රැක වල් දෙන්න, රිය අනතුරෙන් වැල්කී රිය පදවන්න, කහ දෙහි මිරිස් පලඳා රිය රැකදෙන්න, පතනා අයට කෙලෙසද නැන පහදන්න. සියලුම පුද බිමන් ගරු සරු ලබන්නට, මල් තෙල් පුදා බැති පූජා පුදන්නට, ඕනෑ අපව රැකගන්ට නොවේ හෙට, කලගුණ සලකන්ට දුන් දහමට ලොවට. මෙවැනි උතුම් දහමක් වැජබෙන කලක, බුදුගුණ බජන් කිතුගී ඇසෙනා රටක, මිසු දිටි තොරෙන් පන්සිල් රැක සිටි විටක "දෙවියොත් පුදයි" දිවි ගෙවනට මොන සැකද?
කවිය බලන්න
රැහැන්...

රැහැන්...

ලලනී ගීකියනගේ රත්නපුර

සිඳු මත ඇදෙන සුදු පෙන පිඩු මන ලොල්ලේ...! වෙරළත හැපී සිඳ බිඳ යන වැළපිල්ලේ..!. දහමට නතුව සත සුව හද විමසිල්ලේ.. දන මන සැම සතුට දනවත සැනසිල්ලේ....! පර මල් ඉවතලා සුදු මල් පුදන විට....!. ගොරහැඩි සිතක ලාමක ගති තැවෙයි හෙට...! මුනි සිරිපා කමල සිප ගත් කඳුළු කැට...! මල් පලසක්ව ගෙතුවා ඔබෙ ඉදිරිපිට.... ! වෑ දිය සඳ කිනිති සිඹ මදනල ගාවා...! සෑ රජිඳුනට රහසින් මොනවද කීවා...! පෑ සෙනෙහසට තවමත් සිත ලඟ වේවා..! ගෑ සුවඳටත් වැඩියෙන් හද නතු වූවා...! ඇත වැව් දියට හසකැන් පිපි දිය සේලේ..! වත සියුමැලි වුවත් දිවි සරි කල බාලේ...! පත සරි කරන්නට සිත නලියන තාලේ....! සිත රැහැනින් වෙලා මතකය බැඳි ලීලේ...! Photo credit: Yoksel 🌿 Zok
කවිය බලන්න
දෙන්නා දෙමහල්ලෝ

දෙන්නා දෙමහල්ලෝ

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

ගොරවන අහස අකුණක් පොළවට එව්වා ඔරවන මුහුණ තරහව හොඳහැටි කිව්වා නොදොඩන මුවෙහි තතු නෙත මතුපිට ලිව්වා නොදනිමි කාට කියමිද ඇත්තට මේව්වා කියවන අකුරු අතරේ වැරදිම දැකලා ලියවෙන වචන අස්සෙත් ඇදකුද කියලා යන එන මගදි හමුවෙන නරකම හොයලා පවසන එකම වැරදියි බැලුවම හිතලා රිදුනම හිතක් එක එක දේ කියෝගෙන දැනුනම දුකක් තව තව එය සඟෝගෙන පුදුමම දෙයක් යන හැටි හැම මැකීගෙන ඉදුනම බතක් ලිප මත ගිනි දරාගෙන
කවිය බලන්න
මුහුදයි.. වෙරළයි..මමයි...

මුහුදයි.. වෙරළයි..මමයි...

මාලා විජේකෝන් උතුරු කැලිෆොර්නියාව

රැයත් අඳුරත් සෙනෙහසින් වෙළුන බවක් නොදැනම හිරුගෙ නෙත් හැරින සිඳුත් වෙරළත් සමගියෙන් සිටින නමුත් කිම නපුරු වෙන්නට කරුණ අරන් මගෙ මතක දියඹෙහි දුරට ගිහින් අර අහස ගෑවෙන තැනට හුඟක් පෙණ මුසු කරන් රළ අගට ඇවිත් හඬ දෙමින් වැලපෙනු කුමට දවස් සති ගණන් පසු කර යනෙන ඉරත් හඳවලුත් ගෙවුණිද නොදැන දෙ ඇස් වෙහෙසයි රැයේ නිදි වරන නමුත් පොදි බඳිමි අලුතින් සිහින අදත් හිඳගෙන වෙරළෙ තනිකමට මතක් වෙන වචන අමුණමි එකට තවත් කවියක් වේවි ඔහු නමට මකන්නට නම් එපා නපුරුවට Photo Credit ; Saksham Gangwar .
කවිය බලන්න
පාසැල් ප්‍රේමය

පාසැල් ප්‍රේමය

මංගලා රත්නායක වැලිමඩ

සුන්දර බවකි පාසැල වෙත පිය නැගුව අන්දර වැට දිගේ සුදු ගවුමෙන් රැඟුව පින්සර කෙළි දෙළෙන් මනලොල් ගති පෙඟුව රන්වැනි කළකි පසු කෙරුවේ වැනි බිඟුව වසරින් වසර පසුකරගෙන ඉදිරියට යන්තම් පියනඟා අටවැනි ශ්‍රේණියට උඩ පංතියේ සිසුවෙකු රිංගුවෙ හදට හසුනක් ලියා දුන්නයි. නොසිතුව ලෙසට වටපිට බලා කිසිවෙකු නැති ලඟ පාත පාලා කොමළ දිගු කරලා මගෙ දෑත ළංකර ළයේ සෙනෙහසකට ඇති මෑත මුල් ගුරුතුමා දුටුවයි. මෙය සිට ඈත ටවුමේ ඇති රඟහල වෙත පිය නැඟුවේ ඔහු හා එක්ව මනමේ නාටක බැළුවේ කේළම එදා කවුරුද ගෙදරට කිව්වේ ඇතිවෙන තූරු පියතුමගෙන් ගුටි කෑවේ
කවිය බලන්න
ඩැෆඩිල් මල්

ඩැෆඩිල් මල්

ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා High Wycombe - UK

යායකට කහපාට රෙදි ඇතිරුවා වගේ නුඹ දිලෙනවා දුරට සොදුරු ඩැෆඩිල් මලේ සද එලියේ තරු එලියේ නොදිලුනත් නුඹෙ පාට පිනි වැටුනු හිමිදිරියෙ නුඹ දිලෙයි හිරු ගාව දින කීපයයි තවම හරි හැඩට පිපීලා කිමද මෙපමන විගස යන්නෙ නුඹ මැලවිලා පරිසරයෙ නැවුම් පහසත් එදා විදි විලස නොමැති බව පසක් කර යයිද මියැදි මෙලෙස සිත්තරෙකුගේ සිතුවමක ඉතින් දැවටිලා නුඹ සිටිනවා දුටිමි රාමුවක කොටුවෙලා
කවිය බලන්න
Life and Moonbeams

Life and Moonbeams

ඊ.ඩබ්.එස් නයගරා

When the darkness slowly falls and the night dawns, my mind feels great restlessness, and it becomes desolate, The darkness slowly creeps in and the whole environment darkens the sky and the night dawns, The night sky is heavy with rain clouds,it is not as beautiful as usual, For other days, the beautiful night sky is shaped by the ever-shining moon and the carpet of stars… It enthralls my heart The night sky is like our lives, In some days , the beautiful moments come together and become as beautiful as the night sky , which is full of stars and the moon, Isn't it like a dark night sky and seems heavy with rain clouds? I went to sleep with these thoughts and woke up with a light on my face, Is it sunny this morning? No, the sky is dark, I looked outside the window and saw the moon shining in the night sky, The beautiful moonlight shines from the surroundings and completely wipe off the darkness of the environment… My heart was filled with happiness… This is like our lives, isn't it? Some days are beautiful, some days we feel lonely and restless, But some days when we are alone and restless, suddenly something happy happens and makes our lives beautiful… I fell asleep with joy, thinking that it was like the sky heavy with rain clouds, and suddenly the moon rising in the middle of the night and dispelling the darkness of the night…
කවිය බලන්න
අවුරුදු නැකැත්.....

අවුරුදු නැකැත්.....

නුවන්තිකා එදිරිසිංහ රාජගිරිය

එරබදු මල් පොට්ටු නැතත් අවුරුද්දත් වෙච්චි කිට්ටු සිත් සතොසින් සමඟි වෙලා අමතක කර පරණ වෙට්ටු අලුත් හැඟුම්, අලුත් පැතුම් කරන්ට පෙර හදට තට්ටු මහ හබයෙක නොවැ පැටළුනේ සිරි ලංකා දීපේ රට්ටු අයන්න නැකතටම ලියල නැකතට බත් කටක් කාපු මල්වර නැකතටම නාල නැකතට පෝරුවෙත් නැගපු වැඩිය නෙවෙයි කසාදෙටත් අත්සන නැකතට ගසාපු මාව උණත් වැටුනෙ අමාරුවක නෙවෙයි ලේසි පාසු රෑත් නැකැත් උදෙත් නැකැත් පුදුම රාශි මාරුවක්ය තමන් හදපු නැකත හරිය නැකත් කමිටු යුද්ධයක්ය ප්‍රායෝගික බව කියලා එකක් ලෝකේ තියෙනවාය සිරිත් විරිත් අපේ සිංහල ඉදිරියටත් යාම යුතුය සමහරු සමරන්නේ නැතිලු සමහරු තෝරයි වෙලාව පහසු දෙයක් කෙරුම තමයි කොයි කවදත් හොඳ කලාව මොළෙන් තමයි රැකිය යුත්තේ රට ජාතිය සංස්කෘතිය තමන් කැමති හොඳ වෙලේක සමරමු අවුරුදු උදාව
කවිය බලන්න
වල මත සාජ්ජය

වල මත සාජ්ජය

නාලිනී කොඩිකාර මෙල්බන් නුවර

වල මත සාජ්ජය අම්මා කෙනෙක් අලුයමින් පිබිද බලයි වල මත හිද පෙර පුරුද්ද විලස මෙලෙස බලන කලට දකියි අවට ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩිනා මල් තවම පරව නැති පෙර දිනෙහි වැලලූ වලෙන් එකෙක් නැගිටියි ඈනුමක් හරිමින් දෙඇස් පිසිමින් කඩයි නිදිගැට ඒ අපේ උන්දෑ නොවැ! රෑන ගිරා ජෝඩුවයි හාද වෙලා ආදරෙයි තවත් වලකින් එකෙක් නැගිටියි ‘පස්සට පස්සට යමු යමු පස්සට’ ගමේ බසේ කොන්දොස්තර ඇවිත් වගේ කල් තියාම. කවදාවත් ඉස්සරහට නොගිය කෙනෙක් නොවැ උන්දෑ. හානේ අර එන්නෙ කවුද? තවත් වලක් මතින් නැගිට සිංදුවකුත් කට ගාගෙන දැකල පුරුදු නාකි සුද්දෙක් පුරුතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා වේල් දමා මල් ගවසා පුයර උලා හැඩ වීලා රොමියෝ ජුලියට් වාගේ අත් පටලා මේ එන්නේ අලුත බැදපු ජෝඩුවක්ද? ආදරෙයි මම ආදරෙයි සුගත් තවමත් ආදරෙයි වල මත හිද හති අරිමින් විලංගු අත්, පාද යදම් කදුළු ගෑස් ජල පහරින් සකල රිදුම් පිරිමදිමින් මේ එන්නේ තරුණ සිසුන් කපා කපා කෑලි කපා අප වලකනු සිතනු එපා පුංචි එකෙක් වල මත හිද ගීයක් මුමුණයි තනියම නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතී වැඩිය කඩන නරක ලමයි හෙම නොවේ අපි අපට එහෙම කියා දීල සේරම ගෙඩි උන් කඩාන කන්න නැතුව හාමතේම මැරිල ගිහින් උන්ගෙ පවට කවුද බොලේ අර එන්නේ? සුදට සුදේ උසට උසේ සුදු කබාය සුදු කලිසම රතු ටයි එක සිංදුවකුත් මුමුණ මුමුණ අපෙ ගුරුතුමා තාමත් යයි ඉස්කෝලේ අනේ දෙයියනේ! අපේ ගමේ ප්‍රින්සිපල් නෙ එයත් නැගිට වල මත හිද ‘මේ ළමයි කවුරුත් යන්නෑ කොහෙවත් සද්ද නොකර ඉන්න ඕනෙ’ තරවටුවත් සමග සැවොම නිසොල්මනේ සැතපෙනවා නැවත වලේ සදා කල්ම ඉපිද මැරේ යලි ඉපදේ නොතිර සසර සාගරේ
කවිය බලන්න
මවි සෙනෙහසේ දායාද

මවි සෙනෙහසේ දායාද

නිලූකා පතිරණ ඇඹිලිපිටිය

සඳ තරු නිදි නොමැති ඝනදුරු අහස් ඉමේ නොනිදන රැයේ නෙතුපිය කදුළකට නැමේ මොහොතකටවත් තනි නොකරපු පැටව් ලැමේ පිළ උඩ පැදුර මත සුසුමන් වාං දැමේ තුන්පත් රටා මවමින් පන් පැදුරු වියා නෙළමින් පලා කොළ සොයමින් දරට ගියා මා දං හිඹුටු බෝවිටියා නෙරියෙ තියා තවමත් දකිමි ඇලවෙන විට දෙනෙත පියා පිටු පා ගියත් ලෝකය නොම නොසෙල් වෙතී ලැබුවේ දුකම විතරයි කදුළකින් ගෙතී ඇසුවත් නොයෙක් ගැරහුම් සිත රිදුම් කතී තරහක් නොවේ අබැටක්වත් සිතින් සිතී වැහැරුණු කොපුල් තල කදුළැලි සිපගද්දී හදවත නැඟෙන සුසුමින් ළය ඇවිලෙද්දී තම කුස නොපිරුණත් උන් කුස පුරවද්දී උතුරා ගලයි සෙනෙහස සිත අස්වැද්දී ඝන කළු වළා අතරින් රිංගා රහසේ සඳ හෙමි හෙමින් සැඟවෙනවා දුර අහසේ නුඹ ඉකි ගසා හඬනා කදුළක පහසේ දැනිල ද කැකුළු මල් පෙති සැලුනේ රහසේ වැටි වැටි දුවන විට විත් අත අල්ලාපූ ඉකිබිඳ හැඬුවදා උකුලෙහි නලවාපූ අඩියෙන් අඩිය පසු පස විත් දඟදාපූ කෝ අද කොහිද දරුවෝ නුඹ සනසාපු ගල උඩ පන්සලේ පෝදා සිල් රැක්කේ බෙදුව ද දන් පිඬක් දරුවෝ නැත දැක්කේ දොරකඩ ගහේ පොල් අමුණාගෙන කෙක්කේ ඉක්මන් අඩි තියා පිටවුණි අරුමැක්කේ සඟවා ළයේ සතපා මගෙ පණයි කියා රැකගත් උනුත් අද පිටමං වෙලා ගියා ලොවක් කොහිද අප වෙනුවෙන් ඉදිව තියා මට ද මමත් අහිමි වු බව දහමේ ලියා
කවිය බලන්න
අත්හැරිම

අත්හැරිම

නදී ශානිකා මහනුවර

අල්ල ගත්තත් තදින් සිතුවිලි සතුට ලඟ පිරි සුවහස වැල්ල පසුකර දුවන රළ මෙනි සිතට තිබුනද නිදහස රැයක් උදයක් පවා වෙහෙසී ලැබුනු තැන් වල මදහස අනේ නැතිවුන වාර අපමණ අපි සොයන ඒ සෙනෙහස දුකක් මෙය නම් සසර ගමනේ කරුමයකි මේ කැරකෙන වෙරක් කර මා මගෙම කර ගත් කයකි ඇස මත රැවටෙන පසක් කරගත් දෙයක් නොවුනත් මනස ඇතුලේ දැවටෙන හුඟක් තැන්වල මුලින් සැනසුන අගක කඳුලක් ගිණිගෙන පුරුද්දක් නැති උනත් හද තුල විඳවනා බව හිතන්න හුරුකලොත් මේ සිතම දවසක බොරුව ඇතුලෙන් නිවන්න වැටහුනොත් අපි ඇත්ත කවදත් හරිම විදිහට දකින්න අල්ලගන්නට කලින් මොහොතක් හිතෙයි හැරිලා බලන්න
කවිය බලන්න
ජීවිතය කවි කරමි......

ජීවිතය කවි කරමි......

නදී විතානාච්චි

සෙව්වාට මේ ලොවේ කිමිදිලා හසරැල් රැය පහන් වෙද්දි ඒ හැමදේම ගිනිදැල් අකුරු නෙක ගලපලා ගෙතෙන විට පදවැල් ජීවිතය කවි කරමි එය හරිම සිහිලැල් දරාගෙන මහාමේරුවක් සේ ගින්දර තුරුලතා මල් සදා ලොව කරයි සුන්දර ජීවිතය ගත වුනත් උහුලමින් කරදර වපුරන්න ලොවට දී අස්වැන්න හර බර පිසලන්න හැකිවුනොත් කාගෙ හෝ කදුළක් හිතන්නට එපා කිසිවිටක එය දෙවරක් හදවතට ආදරෙන් කියන එක වදනක් වාරු නැති දෙපයකට වේවි ලොකු දිරියක් රැස් කරන්නට කිසිත් නොමැති මේ සසරේ කෙටි කලක නැවතුමකි ජීවිතය මිතුරේ දල්වලා එකදු පහනක් වුවත් අදුරේ සිත් නිවා සනසවමු මේ රුදුරු කතරේ.... ....නදී....
කවිය බලන්න
ඒ තමයි .... ගෑණු

ඒ තමයි .... ගෑණු

නයනශාන්ති දිසානායක

සියුම් සියුමැලි සුමුදු මල් පෙති කෝල කම් පිරි හිනාවා සඳට උපමා මලට උපමා නිමක් නැති ආදර කතා සියලු සියොලග රස මවාලා ආදරය ඇති තරම් තවරන ඒ තමයි මුලු ලොවම සුන්දර කරපු ඒ ගෑණු ඉරට කලියෙන් සඳු ට පස්සෙන් දවස ගැන කියවූ මහ මෙරත් සෙලවෙන තරම් දිගු සුසුම් හද රැන්දු සිනහවක් වත දරා සැනෙකින් තැවුල් හැම හැංගු ඒ තමයි මුලු ලොවට ශක්තිය අරං ආ ගෑණු තනිව තනි මඟ ඇවිද යන්නට එකතු වූ හේතු දරා තනිවම තමන් තනියෙන් හිතින් විද ගත්තු දැනුම් අවියෙන් රුපුන් සිද බිද ගර්ජනා කරපූ ඒ තමයි මුළු ලොවක් වසඟේ තබා ගත් ගෑණු විශාකාවක් විටක බිම්බා ව වී වරෙක අම්බපාලි සොයන යහනත සනසවා නොපුරා ම සසරේ පාරමී ගුණ ලෙය ත් දන් දී සැනහෙනා ගෙදර දී මිස එයින් පිටදී බුදු බවත් නොපැතූ ඒ තමයි සංසාර ගමනේ දුක් නිවු ගෑණු...
කවිය බලන්න
නොනිමි පිය සෙනෙහස

නොනිමි පිය සෙනෙහස

නාලිනී ද සිල්වා

මගේ මතකය ඔබේ මතකය එකට සිටි හැටි සිහි වුනා එදා ඔබගෙන් දැනුන දහඩිය සුවද මල් සිත පැට ලුුනා ඔබේ උණුසුම් කබායට මා තුරුලු වීලා තුටු වුනා එවන් දිනයක් යලිත් සසරේ කවද එයි දෝ දුක් වුනා දුවේ කවියක් කියමු කිවුවම පොතක් අරගෙන ලං වුනා මගේ ලොකුදුව කියන කවි හරි රසයි කිවු ඔබ තුටු වුනා ඔබේ උණුසුම හදේ කොනකට දිරිය දුන් හැටි සිහි වුනා හවස ගෙදරට එන්නෙ කොහොමද කියා බල බල පසු වුනා පයේ ලන මිරිවැඩිය ගිලිහෙන විටදි තුරුලට ලං කරන් ගතේ දහඩිය පිසින අත්පොඩි දෙකත් සිපගෙන එක් කරන් මගේ ලොකුදුව තාත්තාගේ උකුලෙ ඉන්නකො රත්තරන් කියා කිවු හඬ තවම දෙසවනෙ දෝංකාරය දෙයි හොරෙන් ‍පෙමක සිහිනය ඔතන දැහැනක බැඳුන කටහඬ සිහි තියා තාත්තා වගෙ සිහින කුමරෙකු නිතර පැතුවෙමි හිත ලියා කාත් කවුරුත් නොදැක තවමත් දවස ගෙව්වත් ගී ගයා ඔබ ම මිස වෙන කවුරුවත් නැහැ අඩුව පුරවන්නේ සොයා
කවිය බලන්න
ගිනි සිසිල

ගිනි සිසිල

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

සැක බිය නැතිව සකසා නෙක කූට ලේඛන උකුස්සියක් වේ යුක්තිය සිය දෑතට ගත්ත රහස් ලිපි ගොනුද අස්තාන ගත කර හසුව කෙසෙල් ගසට කෙටුමෙන් අද අසරණව ඇත කිසිත් ආයුර්වෙද නොවන බලි කෝලම් නැටුව සොකරිය බිසව ජගතුන් නිති ඇසුරු කළත් උගුලක පැටලි අද්දැයි යම් කුකුසක් හිත නැගිණ ගැබ්බර කතුන් දෙදෙනෙක් විය පිරිවර අතර කෝටි ගනණක මුදල්- විස මත් කුඩු සඟවමින නොම්මර තහඩු දෙකද සැනෙකින් වෙනස් කර කැලෑ පාරකට බැස ඉගිලී ගොස් විදිල්ල සේ මකර රැජින අදිවේගෙට කපයි මහ රෑ මැදියම ඇය ගලග්‍රහනයට ගෙන වද හිංසා කරමින් නොසිතු ලෙස ගල් ගසා මරා දසකයද සපිරින සිසිල දැනෙන දියරින් නාවා ඊලඟ ගොදුර රුදුරු ගිනි ජාලා මවයි ප්‍රකෝපිත වන යකිනිය නිරිඳු දැහැමි නම් සැවොම සතුටින්... 2024 මාර්තු 14
කවිය බලන්න
වෙනස් වූ  ආදරය.....

වෙනස් වූ ආදරය.....

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

ආදරය කරනෙමි අඳුරු නිල් අහසට කිසිඳු තරුවක් නැතිව තනිවුනු තාරකා සේ ඔබේ නෙත් යුග වේදනා හද මවා සැනෙකින් මා දෙනෙත් අබියසින් සැඟවුණු ඒ අඳුරු දිනයේ පටන්. ආදරය කරනෙමි රුදු විස කටුවලට මලක්වත් නැති රෝස පඳුරක ආදරයෙ පිවිතුරු බවින් හද පිපුණු රතු රෝස මල් කැකුළිය රුදු බවින් ඔබෙ පෙති සිඳී දෙපා පාමුල වැටුනු දා සිට. ආදරය කරනෙමි වියරු ව සයුර වෙත දුර ඇඳෙන නදියට මහද රඳවා පැතුම් අතරෙක සතුට ගෙනදී සිහිනයක් ලෙස සැනෙන් ම වෙතින් ඉවත් වී ඔබ දුරස් වූ දිනයේ පටන්.
කවිය බලන්න
එහෙව් පිරිමින් අසල බැඳෙනා....................

එහෙව් පිරිමින් අසල බැඳෙනා....................

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

හීනි ලස්සන දිගැටි අතැඟිලි තිබෙන්නේ ගැහුනුන්ට විතරද යටැසි බැලුමන් හෙලා නොබැලූ විලස ඉන්නේ ගැහැනු විතරද... සුවඳ විලවුන් කොතෙක් ඇතිමුත් ක්ලේශයක් සේ සියුම් තැන් වල බලෙන් ඇලෙනා මිරාකලයකි ස්ට්‍රෝං ස්මෙල් ඇති මෙන්ස් පර්ෆියුම් වදන් දාහක් එකම වදනින් කියා තත්පර අහුර ගන්නට ආදරේ ගැන කියා දෙන්නට පිරිමි දන්නවා වෙන්න බැරිමද... වැරදි නෑ ඔබ රහල් හිමියනි වැදි රජුත් ඒ වගේ වෙන්ඇති එහෙව් පිරිමින් අසල බැඳෙනා ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන...
කවිය බලන්න
නවමින් සිරස  බැතියෙන් හිඳ දෙ අත්  වඳී

නවමින් සිරස බැතියෙන් හිඳ දෙ අත් වඳී

රංජනී කොස්තා නවසීලන්තය

පිපිමල් පොඩිවගේ නිවසක සිරිය අරා සමනල් පැටවුසේ ගෙමිදුල එලියකරා දුව පැන නටන විට දඟලන් සිනහදරා දෙගුරුන් හිඳින්නැති හිත්තුළ සෙනෙහෙපුරා එකෙකුට එකෙක් නම් නොදෙවෙනි වෙන්න ඇතී සැර වැර වලින් යන්තම් පිරිමැහෙන්නැතී හැඩවැඩ බලන් හිත් සතුටේ ගිලෙන්නැතී පෙරමග සිහින හරි හරියට පුරන්නැතී සුවඳැති කැකුළු හයකට පෙම බෙදමින්නේ රැකවල් කරන් පුතු දෙපලත් පන සමිනේ සුරපුර මැව්ව නිවසක සිරි සුව වරුනේ මතකය සුවයි පෙරදා ලැබු රැකවරනේ ඔසවනු විලස ලොවවෙත පය නොබිය ලෙසින් දෙවමින හුරුව දරුකැළ හට නිතිව තොසින් පෙරමග දකින නැණ නුවනින් බලා ඇසින් හුරුකළ පියානෙණි ඔබවෙයි පවුර වෙසින් යහගුණ කැව්ව ජීවිත තුළ පණ විලසින් බෙදලා ආදරය හැමටම එකම ලෙසින් කුරුළු කූඩු මවු රැජිනියෙ නුඹ එලෙසින් මගපෙන්නුවේ අප හැමටම ටැඹ විලසින් ගෙව්වත් වසර ගනනක් ඔබ තුරුලෙවැදී අද ඔබ දෙපල මහපොලවේ සැතපි හිඳී දකිනට නිවන් පතමින් අප සෙනෙහෙ රැඳී නවමින් සිරස බැතියෙන් හිඳ දෙ අත් වඳී
කවිය බලන්න
වියෝගය.

වියෝගය.

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් කිරිඳිවැල

දිනකට වරක් දුමක් නැගි පැල්පත තුල මින් මතු.... සදහටම නිවෙනු ඇත ඒ පහන් සිල. පිල් කඩ වාඩිගෙන මා වවුලන් ගණන් කර කර කදෝකිමි සෙල්ලම් අතර සැනසුනු පැටවුන් යවා නින්දට අඩ අඳුරේ නිස්කාන්සුවේ සඳ එලිය උතුරා ගිය නිමේශයන් නිවා සනසා දාහය ගත සිත... ඉතින් මතකයන් පමණය. අව්වට ගිනියම් ව වැස්සට තෙමි තෙමී නොවෙනස්ව දරා ගත් මහ ගල් පර්වතය අදහන්න පුළුවන් ද කඩා වැටුනු බව කැණිමඬල හිස මතටම!! පිච්චිලා කරවෙලා මිටියට තැලෙද්දිත් කෙඳිරියක් වත් නොනැගි ගල් කැට.... ඔහේ බලාගත් අත බලාගෙන ඉන්නවා බලාගෙන ඉන්න බෑ තව. හිත කීරි ගැහුනත් ඒ දවස ඈතින් රැව් දෙන ගල් බෝරේ ... ගල් බෝරේ... දෝංකාරයට.. ඒ වචනවල තැවරුණු ගිනි සිසිල මේ තරම් නම් බරට දැනුනේ නෑ කවදාවත් අද වගේ පපුවට. සමා අවසර හිමියනේ මතක බණ දෙසුවට අද නම් එකම බණ පදයක් වත් මතක නෑ මට!!
කවිය බලන්න
හිඟා කන තැනට පත් කළ අපේ රට

හිඟා කන තැනට පත් කළ අපේ රට

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

පැරකුම් දුටුගැමුණු ලා රජකම් කරපු රට වැඩිපුර සහල් පිටරට වෙත යවපු රට අව්කන වගේ බුදුපිළිමත් නෙළූ රට හිඟා කන තැනට පත් කළ අපේ රට කවියන් ලේඛකයෝ නිහඬව ඉන්න රට පටි තද කරන් හිටපල්ලා කියන රට වේල් තුනක් එක වේලට දැමූ රට පුලු පුලුවන් එකා පිටරට පනින රට ලැබුණත් වැටුප් මදි නොකියන තරමකට උස්සන් බෝඩ් මහපාරේ සිටින රට නැති බැරි එවුන් හට සේවය ලැබ ගන්ට දැඟලිය යුතු රටයි ලෝකයේ උතුම් රට ඔන්චිල්ලාව පැද්දෙයි නිතරම උඩට ගියා වගේ එයි හනිකට පහළකට සියක් ආයු ලැබ ගන්නට ඉන්න විට ලැබුණේ බංකොලොත් බව විතරයි අපිට Photo credit; Taylor Keeran
කවිය බලන්න
සඳ වතුර

සඳ වතුර

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

විඳිමි මේ සොඳුරු බව රැය කෙතරම් අන්තරායකර වුවද කාට නම් නවතනු හැකිද මේ සඳ වතුර? කාල වලාවක ඇළී සඳ සැඟවි නිදිබරව එහෙත් මේ සඳ වතුර කෙසේ නම් වැගිරේ ද? හීල් වී මහ පොළව ගහ වැල ද නිහඬ ය සඳ වතුරෙ දියවෙලා නිදා වැටෙනා අරුම එහෙත් දුර කඳු ගැටේ දැල්වෙ තව එළියක් ද හුදෙකලාවේ ඔහේ සඳ වතුර ඇවිළේ ද? සඳ වතුරේ පෙඟී ගිය අර පේන නිවහනේ සිහින දකිනුයේ කවුද ? ළඳු දිගේ කඳු දිගේ ගලා එයි සඳ වතුර මගෙ ඇහේ මගෙ වතේ මගෙ හිතෙත් සඳ වතුර.
කවිය බලන්න
A Legend of POMPEII

A Legend of POMPEII

සන්ජය ප්‍රියදර්ශන උඩුගම්පොල

Young warrior returns home to visit his pregnant love - a Report heading Far echoed dust wrapped iron body young Saddled to his home White stallion mimicked his weary unsettlements Wounded blotches on one of his face Opened to the stealthy sun shining above Celebrations and Celebrations everywhere!! wine all over the night till dawn All stood under custody of his finger tips Ransoms will be delivered to the motherland A barking sky like a rogue, quite unusual For a warrior like him If dedications were to face an enemy in the field It seemed a judgment day for all With the roaring boulders sunk in their life The warrior and his swollen bellied wife Slept under a cover of ashes and melted lava Unmoved with a hand hung smoothly but tightly on his child unborn Photo credit ; Iwona Castiello d'Antonio
කවිය බලන්න
ආදරණීයම  සෘතූන්...

ආදරණීයම සෘතූන්...

සිතාරා සේනාරත්න වේල්සය, එක්සත් රාජධානිය

මේ සිසිර සෘතුවේ - අඳුරු වැහි වළා යට තෙතබරිත වීදියක - නුඹ සමඟ ඇවිද යමි සුළඟ හා මුසුව එන - අයිස් වැනි වැහි බිංඳු විනිවිදව කබායත් - ගතම හිරි වැටෙන විට නුඹේ අත උණුහුමෙන් - මහද සනසා ගනිමි වසන්තය එනෙනතුරු - මඟ බලා ගෙන හිඳිමි බෙරි පඳුරු අස්සෙන් - ඉඳහිටක මතුව එන රොබින් කිරිලියකගේ - මනමාල ගී හඬින් වසන්තය පැමිණි බව - ඉතින් මම දැන ගනිමි ලැවැන්ඩර් ටියුලිප් - මල් පිරුණු උයන් මැද නුඹ සමඟ තුරුලු වී - කෙළිදොලෙන් ඇවිද යමි නුඹේ ඒ සිනාවෙන් - මහද සනසා ගනිමි හිරු සමඟ හැඩ මවන - වෙරළ හා දඟ කරන රැළි පෙරළි දෙස බලා - සිප්පි මත පා තබමි විඩාබර දවස අග - සල්ලාප අතර මැද බීර රස තොල රඳන -සවස්වරු ගත කරමි ගිම්හාන උණුහුමේ - නුඹේ සෙවණට ඇදී කෙටිම වූ රාත්‍රීන් - මිහිරිතම කර ගනිමි නේක ලෙස වර්ණ වූ - ලස්සනම මේපල් කොළ එකින් එක ඇහිද - සුන්දරම මතක හා දිනපොතේ පිටු අතර - සඟවලා තබා ගමි ආයෙමත් දිගු ශීත - කාලයක් එනෙන බව සරත් සම සුළං සර - කොඳුරනා බව දැනම කනස්සලු නොවී මම - නුඹ සමඟ සිනාසෙමි ආයෙමත් එක් වරක් - ආදරේදැයි අසමි 11.03.2024 Photo credit: Joshua Fuller
කවිය බලන්න
නොමිලේ

නොමිලේ

සපුමල් බන්ඩාර ලන්ඩනය

වසරක් ගෙවී වසරක් ගතවන්නේ දවසක් ගෙවී දවසක් ගතවන්නේ එය කිසිදු දෙයකට නොව එය ඔබ සදහාමය ගැටෙමින් හැපෙමින් පෙරලෙමින් ගලායන ගගක් වුව සයුරහි වැටී ගැඔරු දියඔට ගලා පිරිපුන්ව නිසල විය ලංසු තබමින් අද දින ගත කරන නැතිදෙයට අඩමින් ඇති දෙයට ආවඩන අද මැරුනේ නැතිනම් සිතා බලන්න හෙට දින ලැබෙන්නේ ඔබට නොමිලේමය.
කවිය බලන්න
පරෙවියෙක්

පරෙවියෙක්

නීතිඥ සුදේශ් ප්‍රසන්න

පරෙවියෙක් හොයන්නේ පියස්සක් ඌට මොකටද ලොකු ගෙවත්තක් තේ කාව්‍ය සංග්‍රහයෙන් 2023 Photo: Yu-chuan Hsu
කවිය බලන්න
මළ බෙරය

මළ බෙරය

සන්ධ්‍යා කුමුදිනී ලියනගේ මතුගම

පුරා හඳ පිපෙන දින පන්සලේ මුල් තැනට පිංකමේ පෙරහැරේ වයන පද තාලයට ගෙරිහමට දෑත් වැද නැඟු ගිගුම් රාවයට පිබිදි ගම? මළ බෙරය වැයුවෙ ඔබ සුරතමද? මෙලොව හැරයන ගමනෙ සෝ සුසුම් මැද හැඬුව කළු කුමර දිෂ්ටියද දුරතකට පලවමින උඩරටද ,පහත රට කොයි නැටුම් නැටවුවද පුතුන් නුඹෙ බෙර හඬට නැටූ නැටුමක් නොමැත හත්මුතු වු පරපුරක බූදලේ ගෙන සුරත හෙට දකින්නට නැගූ සුරල් හා මඟුල් බෙර කුලගොත් රෝගයෙන් පුතුන් හිත ආතුරව බෙර පළුව පලාගෙන මතුවුයෙද කොඩිවිනය ගම පුරා ඇවිද ගොස් හති වැටී පණ අදින කදු සිරස මුවා කළ මළ හිරුගෙ රැස් දහර පරපුරක ලේ කදුළු දහදියේ කෙඳ්රියෙන් ශෝකබරිතව වයයි ජීවිතේ කස්තිරම
කවිය බලන්න
පිදුම

පිදුම

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

කුරුලු බෙටි වැටී තුඟු තුරු මුඳුන් හිස සඳැස් ගසේ පැළවුණ සරු පිළිල ලෙස ඔහේ ලියන නිසඳැස් නම් පිළුණු මස කවිය කියා සමහරු තලු මරති රස වැලේ වැලට පත්තර සේ ලියා ගෙන මෙලෝ රහක් නැති පොඩි පොඩි හෑලි වුණ අනාගතේ කවි කිවිඳියො මුළා වෙන සැබෑ කවිය ගැන අද කවියන්ට උණ සී පද ලියන කියවන රසවිඳින හැම ඒවා තාම අගයන අතළොස්සටම දෝතේ මුඳුන් අත් බැඳ වැඳ සිඹිමි මම දෑසේ කඳුළු ඇත දැක කවියෙ මළගම
කවිය බලන්න
සුව යහනක්

සුව යහනක්

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

පැදුරක් රෙදි කඩමල්ල ක් එලාපු පත්තර පිටුව ක් කාඩ් බෝඩ් පෙට්ටි ගොඩ ක් කඩ අගුවත් මට යහන ක් අහස් විමනෙ රෑ හඳ ත රු පායන දවසක් එනතු රු හැම රැයකම නසන අඳු රු පාරෙ කණුවෙ එළියයි හු රු සීතල පොදි ලඟට ඇවි ත් අත පය වක ගසයි තව ත් බිමට වැටෙන වැහි බිඳුව ත් පාරෙන් පැන එයි ලඟට ත් මුර කරුවා ගොර අදි නා හඬ කුටියෙන් යළි ඇසෙ නා සැනසුම මදකට දැනෙ නා පමණින් නින්දක් ලැබෙ නා වතුර බාල්දියක් අර න් නාවන්නට එන්න කලි න් අකුලා ගෙන යහන සෙමෙ න් පිටවෙමි උදයෙම අගුවෙ න්
කවිය බලන්න
කවි පොතේ පිටුවක මගෙත් කවියක් තිබුණි

කවි පොතේ පිටුවක මගෙත් කවියක් තිබුණි

ශ්‍රියානි උඩගංගොඩ මහනුවර

වීසල් මල් උයනක වසන්තේ එක් දිනයක පිරුණු මල් ගොමූවක අසල තුත්තිරි පදුරක පිපුණු එක මල් ඉත්තක විදාලූ පොඩි පෙත්තක මැවූනු රු රටා එක්කර ඇදුණි කෑමරා ඇසක් අස්සක
කවිය බලන්න
වැලක් මෙලෙස දැල සමගින් දීග ගියා

වැලක් මෙලෙස දැල සමගින් දීග ගියා

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

ගහක් නැතත් ලග පාතක එල්ලෙන්න දැලක් තිබිනි කිසිවෙකු බිය පැටලෙන්න හැඩක් රුවක් නැතිමුත් ලොව රවටන්න මඟක් සැදුනි වැලකට ඉහලට යන්න ගහක වගේ නෑ එක එක හැඩේ අතු මුලක සවි ගාය නොදනි කිසිත් තතු මලක මෙලක පලයක නොවිසාම තතු හිතක රැදුනි දැල නොපතයි ගසක් මතු වටකර රකින්නේ කවුදැයි නොම අසන කට ඇර යමක් නොකියා මුනිවත රකින වට පිට තවත් වැල් නෑ සුවසේ නිදන " මට දැල ඇතෙක්," වැල දිව රෑ දෙක සිතන වැලක් සරණ යා යුත්තේ ගසක කියා පොතක් පොතක් ගානේ ඇත රසට ලියා දුරක් නොයන්නට දෙපයත් නොමැති නියා වැලක් මෙලෙස දැල සමගම දීග ගියා ගහක් ගලක උව මහතුනි සිතක් ඇති මෙලෙක් හද අහිමි මනුසත් දකින් නැති මතක් කර කියමි කොතෙකුත් කියා හති වැලක් දුටු සැනින් නොගසන් අනේ කැති
කවිය බලන්න
ඔබ ඔබම වේනම්.......

ඔබ ඔබම වේනම්.......

වෛද්‍ය ශානි ඇන්තනි ලන්ඩනය

හිරුගේ යාමය නුඹ ගැන ලොකුම ලොකු රූ තල මවාවි සඳුගේ අවර නුඹෙ බොඳම බොඳ සෙවනැල්ලට සිහිලැල් හාදු දේවි ඒත් ඒ සියලු සෙවනැලි මිරිඟුවක් බැව් නුඹේ හිතට යලි යලිත් ඒත්තු යාවී ඔබ ඔබම වේනම් හරිම හරි සෙවනැල්ල ලඟම ලඟ නවතීවි
කවිය බලන්න
ගුරු මවක වී

ගුරු මවක වී

කේ.පී.එස් සචින්ත්‍රා හෝමාගම

පුතේ ඔබෙ සිනහ මල් පිපී මා වටට නැමී වඳිනා පළමු දිනේ පා මුලට පෙවී ගිය හැටි හද ම සෙනේ ගං දියට කියා ගන්නට බැරි ය පද හැඟුම් වැලට සමනල්ලු වගේ ඉගිලිලා විත් ළඟට කොඳුරන්න හැමදාම නොකී ගී කනට විඳගන්න ඒ මිහිර ඇදෙමි විදු බිමට දැනගන්න සෙත් කවිය ඔබයි මගෙ ලොවට
කවිය බලන්න
ථේරිගීතය තමයි අම්මා

ථේරිගීතය තමයි අම්මා

සුධර්මා වීරක්කොඩි

එදා ඉඳලම කදුළු තැව්වට සිනහවක මුල තමයි අම්මා ගලක් වූවත් හදේ ගැඹුරට සුවඳ තැවරූ මලකි අම්මා වෙලක නියරක වක්කඩක් නොව වාන්දැමු ආදරේ අම්මා වචන ගැඹුරින් ලියා පළ කළ නොලියවුන ත්‍රිපිටකය අම්මා ගැයෙන පදවල ථෙරි ගීතය තමයි රැව් දෙන නාදෙ අම්මා පසේබුදුවී අපි හැමෝමත් නිවන තෙක් ගෙනගියේ අම්මා...
කවිය බලන්න
The Queer Little Angel - Sithuki Disara

The Queer Little Angel - Sithuki Disara

සිතුකි දිසාරා ශ්‍රී බෝධිරාජ විද්‍යාලය

Is she good enough ? A question! or too much ? The answer, Oh a wonder Is she inaudible ? Truth or dare ? Dare, to fit in Gosh! what a loss As if to worry It's someone who never did. A shout within Where to fit A puzzle in a pause, In hand with a piece Nowhere it fits! Dear! time fades to abyss Yet, what fringe sets it apart ? A reminder, look! The piece still waits A guess, it's a forever wait, A little angel with folded wings..!
කවිය බලන්න
අම්බපාලීලා ගේ පුලුළුකුල්

අම්බපාලීලා ගේ පුලුළුකුල්

තුෂාරි ජයසිංහ මහනුවර

පුලින තල මැද ගිනි ගනිද්දී දිනිසුරු ට හිමි වුණු දවස් මුතුම පිණි පොද විසුරුවා හැර සිහිල් කළ සොඳුරුම සවස් හිසින් සන් කර ඉගිලි යන්නට තැත් කරන පුන් තුඟු මනස් සිප වැළඳ දිය කෙලින විල් මත පිපුනි කොඳ මල් දස දහස් පුළුල් උකුලක පහසු සයනෙක නිදි වරා කල් මැරු දවස් අගට එක් විය ළමැද තෙත් කළ හසඟනන් හෙලු කිරි කලස් වඩා හිඳ වූ අනවතප් තෙර දුව පැන්න සුදු රාජ හස් දෝත පුරවා දෙව් ලොවින් වැඩ නිදයි සළමින් හිනා රැස් රටා පිරි මැදි මිදුල හවසට බලා සිටියට පා පහස් නිශා කත පොරවද්දි සළුපිළි කළුම පාට ට හුරු දවස් පළල් කකුලක වැදී මැකෙනට පිනක් කර නැති ඒ රහස් කියා ගන්නට නොහැකි වී ඇත ලතවෙනා සිතුවිලි සහස් 2024.03.08
කවිය බලන්න
සැප වැඩි කර ගනිමු

සැප වැඩි කර ගනිමු

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

ලොවේ සිටිනා සියලු මිනිසුන් වයස ගෙවිලා මරුට ලන්වේ මහා සයුරද පොළෝ තලයද සඳුද හිරු හා දිනෙක සුන්වේ එකට සිටිනා සැවොම මේ ලොව එකිනෙකා හැර දමා වෙන්වේ හඳුනගෙන මේ සැබෑ ලෝ තතු වැඩ කළොත් අප සැපට ලන්වේ ගෙවාගෙන ආ ජීවිතේ අපි දශක හතරක් පහක් තිස්සේ විඳපු දුක් නම් නොමැත අහවර දිනෙන් දින තව උඩට ඉස්සේ එම නිසා සිත පිනට යොමුකර ඉතිරි කාලය ගෙවා තොස්සේ සසර කෙළවර කරමු විගසින් තෙමී සැනසී අමා වැස්සේ දිනෙන් දින අප පෙළන දුක් ඇත කරන ලද දිගු සසර තිස්සේ එයින් වැලකී සුවය ගෙන දෙන මඟ හදමු අපි දහම ඔස්සේ කළොත් සැම දෙය නිවනෙ අරමුණ රඳවගෙන අපි මනස අස්සේ දුක අවම කර සැපම වැඩිකර සිටිය හැකිවෙයි තුටින සිත්සේ
කවිය බලන්න
පුටුව පැනයක් අහනවා

පුටුව පැනයක් අහනවා

විශේෂඥ වෛද්‍ය උදාර කුලරත්න එක්සත් රාජධානිය

බදා ගෙන පොත අකුරු කල තැන පුටුව තාමත් තියෙනවා සිදාදිය හැර කලාතුරකින් පැමිනියත් බර දරනවා එදා උත්තර ලියපු මං දැං ප්‍රශ්න පත්තර හදනවා සදා නිහඩව පුටුව උත්තර නොමැති පැනයක් අහනවා
කවිය බලන්න
මමත්වය

මමත්වය

උපාලි අත්තනායක මහනුවර

යලි නොඑන අතීතය මිය ඇදුනු අතීතය යලිත් සිහියට මවා නොලැබු දේ ගැන නොසිතු දේ ගැන පසු තැවිල්ලෙන් දුක් විඳින මිනිසා විසිරිලා බිඳෙන සිත ලුහුබඳින මිරිගු සිත නොසන්සිඳෙනා සිත සසර සැරිසරන්නට කම්සැපට මුලාවී මමත්වය පොදි බැඳන් ජිවිතේ මේ මොහොත භවය බව නොදැනගෙන සසර දිගු කරගනී
කවිය බලන්න
අනේ කාලේ වනේ වාසේ

අනේ කාලේ වනේ වාසේ

උදයංග අමරසේකර ප්‍රංශය

‘කෝටි හාරදාහක් වැයකළ අම්බානි පවුලේ රජ මඟුළ’ -පුවතක් ‘ණය වී රට ගිය බිරිඳ ගෙන්වා ගන්නට ලක්ෂ පහළොවකට වකුගඩුව විකුණන ස්වාමියෙක්’ -පුවතක් අම්මෙ මම කුමට නම් මෙලොව එළිය දුටුවෙම් දැයි නොදනිම් මුත්‍රා බරින් මිරිකුණු මිනිහෙකු සීඝ්‍රගාමි බස්රියකින් බටුවා සේ සංක්‍රාන්ති කාලයා තුළදී මට කිසියම් ඇබැද්දියක් වුණු සේ යැ සිතුවම : මහා ඔස්ත්‍රියානු සිත්තර එගොන් ෂියෙල් (Egon Shiele) විසිනි.
කවිය බලන්න
🗙