අනේ පරිස්සමෙන්

අනේ පරිස්සමෙන්

වෛද්‍ය රසික සඳරුවන් කුලතිලක

අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුවද පෙට්‍රල් ගැනීමට අබිනික්මන ප්‍රමුඛත්වය දෙන ලියුමද පරිස්සමට කලිසමේ දකුණු සාක්කුවේය ගෙවෙන කරුමයේ හැටියට හර්දය වස්තුව වුව විස්වාස නැතිය ඒ හන්දා කෝකටත් GTN spray එක කලිසමේ වම් සාක්කුවේය පැය ගාණක් පෝලිමේ සිට රුපියල් තුන්දහස් පන්සීයකට තෙල් පිරවූ සැප පහසු වාහනය පිටුපසය " අනේ පරිස්සමෙන් ඔයාට ඕවා එච්චර පුරුදුත් නෑ " අනියත බියකින් ඇස් පුරවාගෙන බලා සිටින මගේ යසෝධරාවන් නිවසේ දොරකඩය එනුමුදු මා යා යුතුය වාට්ටුවේ ජීවිතය අයැදින දරු පැටවුන්ය දරුවන් සුවපත් වනතුරු බියෙන් පසුවන අම්මලාය මම කන්ථක අසුපිට නැග ගතිමි පවනට බදු වේගයෙන් නොගියත් හමන මද පවන සැපය...සනීපය අතරමග නේරංජනාව පරදන තෙල් පෝලිම් පසුකරමින් මම යන්නෙමි නිවන්නට රෝ දුකින් පෙලෙන දරු පැටව්
කවිය බලන්න