අර ගල ය

අර ගල ය

මාලපල්ලේ හේමාංගි අමරසිංහ

ඇසුණේ ය මහා යාතිකාවක් කාට දෝ පවසන මහා පිරිවර රැගෙන ගාලුමුවදොරට! ඒ වුන් කෑ ගසන්නේ බඩගින්නේ ද “නැහැ-නැහැ” එකෙකු කියනු ඇසුණේ ය “උඹත් මාත් ඇතුළු ව අපි කියන්නේ එක ම කතාව ම ය. අවුරුදු ගණනක් පුරාවට. ඒත් උන් නෑසුණා සේ ම සිටින්නෝ සැප-සතුටු දිවි පසු කරමින් ම ඉන්නෝ දුකක්-කදුළක් නොදකින්නෝ... පිටිය වසා ගත් මහා ජන රළ එකාමෙන් කෑ ගසන්නේ එසේ නම් යළිත් ඒ කතාව ම කියන්නට ද? “වැඩක් නෑ-වැඩක් නෑ. එක ම පවුලේ උදවිය කොයි පවුලෙත් අඩුම-කුඩුම තියෙයිනෙ කාටත් පෙනෙන-නොපෙනෙන කොයි-කවුරු ආවත් එක ම මේසෙනෙ කෑම කන දවල් මිගෙල්-රෑ දනියෙල් වාගෙ ම...” “අන්න වැදුණා...ඔලුගෙඩියට ම තුවාලයි ලේ වගුරවන්නේ ඔය... තිබුණා ද උණ්ඩ කෑලි...පොලු කෑලිහෙම?” “නෑ-නෑ.අපේ එකෙක් ඒ ගැහුවේ... ආරක්ෂක නිලයකට...ඔලුකට්ට පැලෙන්නට...; අන්න අර වාගෙ ගලකින්!! 01.05.2022
කවිය බලන්න