ජීවිතය මෙහෙ එන්න

ජීවිතය මෙහෙ එන්න

මාලපල්ලේ හේමාංගි අමරසිංහ

එපා තව දුර යන්න දැනේ දෙපයට සිතට උපන් දා සිට තවත් ආපු දුර දුර වැඩි නොවෙ ද ගල් බොරලු මතුපිටින් පළස් නැති දිවි මගේ එදත් වින්දේ පරම සුවය නම් මා පැතූ නුඹට මා යළි-යළිත් නොම කරමි යාචනය! ජීවිතය මෙහෙ එන්න එපා තව දුර යන්න “මා සමග නැවතිලා මගේ අත අරගන්න” හැරී බලමින් මෙතෙක් පැමිණි මග කටුක ඇති අපි යමු ද සුහද ලෙස පැදුරුකඩකට නැවත!! අගෙයි හරි අගෙයි නොවැ නුඹේ ඒ අදහසත් එවිට ඒ සුහුඹුලා දැන-නොදැන විදින්නේ පරම ආනන්දයේ ජීවිතය නොවේ ම ද? 2022.04.01
කවිය බලන්න