ඇගේ ගීතය

ඇගේ ගීතය

තුසිතා සුරේකා මීගමුව

පහන් කනුවට එහා ලා අදුරු මිටි තැනෙක ඉගිල යන ගිජුලිහිණි නුඹෙ දෙනෙත දුටුවාද උස් ලැමට වහන් වූ ලයේ ගිනි නොපෙනේද හිරු නැගෙන්නට පෙරම නුඹ අතැර යනවාද තිබුනාට දෙනෙත් නුඹ දකින ගහ කොල වලට ඇසුනාට සවන් සැප කුටියෙ සිව් කොන් වලට ගොලුයි නම් ගස් ගලුත් නොහුලනා මේ දුකට කෙසේ නම් පවසයිද දකින දේ රට්ටුන්ට මියඇදුන අප්පච්චිගෙ දෙඅවුරුද්දේ බනට එන එවුන් නුබේ ගැන සල්ලාප දොඩාවිද ලෙඩ අම්ම නොදන්නා නුඹෙ කොලඹ රස්සාව දැන ගත්ත දාට ඇගෙ ලය දෙපලු නොවේවිද නුඹ එවන කාසි වල තියෙන ඝනදුරු රූප නංගිවත් මල්ලිවත් දකින් නෑ කිසි දිනක උන්ගෙ කුස පිරුණාම පාවහන් දැම්මාම පිං දෙනව නුඹට උන් කිසිත් දන්නැති පවට සරසවියේ බංකු උඩ දිගෑරෙන පිටු අතර මොර දෙනව ඇද අකුරු මට ශාප කර කරම කාටවත් හැගෙන්නැති යටි හිතේ ජූරියට කියාපන් බදින හැටි හැකක් නැති වග උත්තර.
කවිය බලන්න