සරණගේ ගමන් මග

සරණගේ ගමන් මග

හේමා ඩෙප් ලන්ඩනය

පුරු පුරු ගගා හෙමින් හෙමින් /හුරතලේට හිටියා මං . අපේ ගෙදර මට සැලකිලි/ කියල වැඩක් නෑ . දවසක් දා මගෙ යාලුව /සෙල්ලමකට කතා කලා . ගෙදර අයට හොර රහසේ /අපි දෙන්නා දුවල ගියා . පිනුම් ගහල රවුම් ගහල /දුර ගමනක් ඇවිදින් දැන් . ගෙදර අයත් හොයනව ඇති /පාර හොයා ගන්නත් බෑ . කරුවල වැටිලා හොදටම /වට පිටාව බැලුවා මං. බයත් හිතෙනවා දැන් නම් /මොකද කරන්නේ ? දොරකුත් ඇරලා අන්න /එබිලා බැලුවා . කවුරුත් නෑ පෙනෙන්ට /රිංගා ගත්තා . මුල්ලක් අල්ලා ගෙන මං/මහන්සි ඇරියා. ඇහැරිල බැලුවා/ මේක මහ ලොකු ගෙදරක් . කහ පාටින් පෙරවා ගෙන /මොනවද මන්දා . අපේ ගෙදර වාගෙ නෙමෙයි /මම දකින්නෙ මේ මොනවද ? මාව දැකපු ගමන්ම දැන් /අලි කලබලයක් . සද්ද නැතිව බලන් හිටියා /එලව ගත්තෙ නෑ. මට කතා කලා ආදරයෙන් /කන්නට දුන්න මහා ගොඩක් . කොහොමද අප්පා .../මේවා කන්නේ ? ගෙදර කෑම වගේ නෙමෙයි /කටට ගන්න බෑ. හිටියා හිටියා බලාන /කිසිම කෙනෙක් නෑ . බඩ ගින්නත් දැන් නම් වැඩි/ වේගෙන එනවා . සාදු කෙනෙක් පොඩි යට/ මට කෑම ගෙනාවා . ඉබලා බැලුවා /හරියට හරි දැන් . මේ තියෙන්නෙ මගේ කෑම / රවුමක් නටලා ගිලගෙන දැම්මා . අලුත් තැනක් මට / අලුත් නමක් දැන්. ඉදලා බලනව/කොහොමද කියලා . ලොකු සාදුත් මට /හරිම ආදරෙයි . පොඩි සාදුත් මට /හොදටම සැලකිලි . ඉද හිට හිතුනම/ මගෙ වැඩ පෙන්නා . මීයෙක් අල්ලන්/ අරගෙන එනවා . ලොකු සාදු ට නම්/ නගිනව හොදටම . සැර වුනාම මට /ආස හිතෙනවා . මොන වැඩ කෙරුවත්/ දැන් මම කාගෙත් හුරතලයක් . පිරිත් කියනකොට/ ඒකත් අහනව. කොහෙ හිටියත් මං / පූජාවට ඇති . තිරිසන් ආත්මෙන් මිදිලා /මගෙ ලොකු සාදු ට මම කියලා . නිවන් දකින්නට යනකොට සාදු .../මාවත් අරගෙන යනවා . මං පිනුමක් ගහලා යනවා .
කවිය බලන්න