ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි

ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි

වීදාගම මෛත්‍රිය නා හිමි

දවසක් පමණ සිල් රැකි කුලඟනක් පෙරා දහසක් සුරඹ පිරිවරමින් රුවින් සරා තවසක් දෙවිඳු ළඟ සිරි විඳි නිරන්තරා විගසක් එ සිල් තොර නොකරව් සිතින් දරා පූර්වයෙහි එක ම දවසක් සිල් රැක්කා වූ ස්ත්‍රියක්, දෙවඟනන් දහසක් පිරිවරා ගෙන, රූපශ්‍රීයෙන් ද අග්‍රව, මේ දක්වා ම සක් දෙවිඳු සමීපයෙහි සම්පත් විඳියි. ඒ හෙයින් ඒ ශීලය ස්වල්පයකුත් නොබිඳ සිත්හි දරමින් ම රක්ෂා කරව් .
කවිය බලන්න