කුරුල්ලන් ගැන නිහඬ කතාවක්

කුරුල්ලන් ගැන නිහඬ කතාවක්

ජයතිලක කම්මැල්ලවීර

දෑස් අඳ, වියපත් කුරුල්ලා ඉවට දෝ ඉඟිල විත් හැපී සුදු බිත්තියේ වැටුණේය සිහි සුන්ව අද්දමින් බෙහෙත්තෙල් ගැල්වූ දෙපා හෙමිහිට ඇවිද ආ ඇය බලා හිඳ කම්පාවෙන් කොඳුරනු ඇසෙයි “අනේ පව්” අසන්නට සිතුණද නොඅසමි ඇගෙන් ‘මතකද මේ විහඟතෙම පෙරදින නිතිපතා අවුත් අප ගෙමිදුලෙහි මිහිරි ගී ගැයූ හැටි?’
කවිය බලන්න