සමුනොගත් පියාණන්ට

සමුනොගත් පියාණන්ට

ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා High Wycombe - UK

කොහේ සිට එන්නේද කොහේ අපි යන්නේද නොදැන දුර මගක් අප පැමිණියා සතර මං හංදියේ ගිමන් හරිනා විටදි අප අතැර වෙන මගක ඔබ ගියා දුෂ්කරයි පැමිණි මග නමුත් එය බොහො කෙටියි යායුතුයි දිගු මගක් අප කියා වදන් තෙපලුවේ නැත දසුන් සිහියේ තබා බැඳුනු අත්වැල අතැර ඔබ ගියා බැඳී පුරුක් සවි නැතිව එකින් එක ගිලිහෙද්දී දෙකොපුලම සිසිල් වේගෙන ගියා නෙත් වැසුනු පටලයන් මා සඟව ගනිද්දී නෙතු අගම ඔබව බොඳවී ගියා නිවී ගොස් පහන්සිල එය නොදැනුනා නොවේ සොඳුරු මතකයන් මා ලඟ තියා හදේ ගැඹුරුම තැනක ඔබ ලැගුම් ගෙන හිඳී දැනෙන්නේ සිහිනයක්මයි කියා මලානික හිරු බසී ඔබ නොඑන බව දනී සිටිමි මංසන්දියේ නෙතු අයා වාරු නැතිමුත් දෙපා සවිය ගෙන යායුතුයි මා හැරෙන මග එදිරියෙනි සොයා
කවිය බලන්න