ඩිස්පෙන්සරි සෝමේ

ඩිස්පෙන්සරි සෝමේ

ගයාන් පීරිස් බණ්ඩාරගම

මාවක් ඔය අසළ ඉර බහිනා යාමේ නමගිය පෙරන්නා ‘ඩිස්පැන්සරි සෝමේ’ හවසට බේත දෙන හින්දා ලැබු නාමේ කවදාවත් හොරක් නැත කළ වෙළඳාමේ පින්කම්වලට ඉහළ ම ලන්සුව ලැබුණි හන්දියෙ ගෙවල් හත අටකට සෙත සැදුණි පොලිසියෙ මහත්තුරු හිත හොඳ බව පෙනුණි තොරණෙත් කූඩුවෙත් නිතර ම නම ඇහුණි ගැහුවත් උගුරට ම එනතුරු ‘වෙලේ සුදා’ ඔහු නෑ විකිණුවේ අනිකට කචල් දදා ඉරිදා ඉස්කෝලෙ ගියහ ම දරුවො එදා ලද නින්දාව රිදුණ ලු හදවතට සදා පන්සල් ගොසින් ලොකු හාමුදුරුවො ළඟට පින් දී කියපු දේ තව රැව් දෙයි කනට “හාමුදුරුවනි මං යන්නං යම ලොවට පොඩි උන් එවන්න ද ඉරිදට පන්සලට?" තිබුණත් නැතත් කෙනෙකුගෙ හදවතේ තෙත ලෝ දම ඉදිරියේ පියැවිය යුතු ය නෙත මිනිසුන් ඥාති වෙන්නේ ඇති නිසයි රත කළ හොඳ මිසක කිසිවක් පැවතුණේ නැත 2021/07/09
කවිය බලන්න