ස්පර්ශයේ අපූරුව

ස්පර්ශයේ අපූරුව

අනුජමාලී විමලවීර කොළඹ

ස්පර්ශ කරන්නට හැකි නම් සිතුවිල්ලෙන් සිතුවිල්ල කියා දෙයි නුඹට ඇතිවෙන නැතිවෙන සැටි සිතිවිල්ලෙන් සිතිවිල්ල. ස්පර්ශ කරන්නට හැකි නම් කඩි මුඩියේ ඇඟිලි තුඩු මත ගැටෙන ශරීරය නොව ආත්මය දැනේවි නුඹට රාගයේ සහ ආදරයේ වෙනසේ අපුරැව. ස්පර්ශ කරන්නට හැකි නම් මවගේ දෙපතුල නොව හදවත දැනේවි නුඹට ඇයට සමකල හැකි කිසිවක් තුන්ලොවෙහි නොමැති බව.
කවිය බලන්න