මිස්සක පව්ව මතදී  මුවෙක් කී කව

මිස්සක පව්ව මතදී මුවෙක් කී කව

මුදිත් දිල්ෂාන් විදානගමගේ කොළඹ

දඩයම් හීය මානා මිග පා ලකුණු පිට පැන්නූ මහ රජුනි - තරහ අවසර, කමා කර කිව මැනවි ඉතිහාස ලියැවිල්ලේ කවර රූපකයක් ද ඔබ...? මිස්සක පව්ව පිට ඔබ තනා දුන් අත් වැට ය, සෙල්මුවා පියගැට පෙළ ය.. මිහිඳු හිමියනි අපට ද නැගගත හැකිය දැන් ඉහළට, උපදවා ගෙන බැති සිත් අවට සිරි නැරඹිය හැකිය... ස්ථූප - පිළිම - ස්මාරක පෙනේ පූජා නගරය, දසරාජ ධර්මය මතින් ගඩොලින් ගඩොල ඉදිවන... කුකුස නම් හිමියනි, අතරින් පතර තවමත් ඇසෙයි සහෝදර මුව රැළක මරහඬ.. ඉවකින් මෙන් දැනෙයි දඩ කෙළිය කෙළවර නැති වග... උස් ය හිමියනි මේ, ඔබ නැගුණු ගිරි මුදුනත.. පහදා දෙනු මැනවි හැකි නම් දඩ කෙළිය - දඩබිම අප හට නොපෙනෙනා කාරණ... 2021.06.24 (පොසොන් පුන් පෝදා ය)
කවිය බලන්න