ජිවිත කතන්දරය

ජිවිත කතන්දරය

මල් කැකුළු වැනි සිඟිත්තන් දෙමාපිය දෑස් මෙන් රැකෙයි ජීවිතය ඔවුනට මල් යහනාවකි සැප සම්පත් වරුසාවකි මව් පිය -ගුරුවරුන් බිහි කරති වියතුන් උසස් නිලතල දරත් අභිමානයෙන් සුපිරි හෝටල් වල තරඟෙට විවාහද සිදුවෙයි නොපමාව මහලු දෙමාපියන් කෑවද බිව්වද බෙහෙත් වෙලාවට ගත්තද සහෝදරයන් ඉන්නේ කොහිද නැත සොයන්නට දැනුමක් -විවේකයක් පන්සල පල්ලිය අමතකයි පරිගණකයට පෙම් බඳියි මතක කෙමෙන් මොටවෙයි පැමිණි වේගය අඩුවෙයි- පවුල අවුල්වෙයි ගුණ දම් වඩන මල් කැකුළු ගල් අතර හමුවෙන මැණික් ගල් මෙනි ඇවිදින පයේ තදින් හැප්පෙයි මල් කැකුළු කවදත් ලොව සුවඳ කරයි
කවිය බලන්න